රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් ඇගේ පරිහරණය සඳහා අමාත්‍යංශයෙන් කුඩයක්, විදුලි ලාම්පුවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ල...
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් ඇගේ පරිහරණය සඳහා අමාත්‍යංශයෙන් කුඩයක්, විදුලි ලාම්පුවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා යැවු ලිපිය සමාජ මාධ්‍ය වෙත ලබාදුන් අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් සොයා මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තාවේ.
එම ලිපිය සමාජමාධ්‍ය හරහා ප්‍රසිද්ධවීම හේතුවෙන් තමන් මහත් අපහසුතාවයට පත්නු බවත් තමන්ගේ කීර්තිනාමයට බරපතල හානියක් ඉන් සිදුවූ බවත් පවසා ඒ පිලිබදව වහාම පරීක්ෂණයත් සිදුකොට අදාල වැරදිකරුවන්ට දඩුවම් ලබාදන ලෙස ඇය නියෝග කර තිබේ.
අමාත්‍යවරිය විසින් මේ පිලිබදව ජනාධිපතිවරයාද දැනුවත්කර ඇති බවත් ඔහුද ඒ පිලිබදව සොයාබලන ලෙස උපදෙස්දී තිබේ.
news source - colomboxnews
COMMENTS