නව රජයේ පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා උදෑසන 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. කැබිනට් රැස්විම සෞඛ...
නව රජයේ පළමු කැබිනට් රැස්වීම ලබන බදාදා උදෑසන 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
කැබිනට් රැස්විම සෞඛ්‍ය නිරෝධායන නිති රීතිවලට මුල්තැන් දෙමින් පැවැත්වීමට ද තීරණය කර තිබේ.
අමාත්‍යවරුන් අතර මීටරයක දුර පවත්වා ගැනීම මුඛ ආවරණ පැළදීම සහ දෑත් වීෂබීජහරණය කිරීමද මෙහි දී අනිවාර්යය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය දා පැවති මහා මැතිවරණයෙන් මෙවර අමාත්‍ය මණ්ඩලය සඳහා කැබිනට් අමාත්‍යවරු 25 දෙනෙකු තෝරා පත්කර ගැනුණු අතර ඔවුන් පසුගිය 12 වනදා මහනුවර මඟුල් මඩුවේ දී දිවුරුම් දෙනු ලැබීය.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ද පත් කෙරෙනු අතර ඔවුන් ද එදින දිවුරුම් දුන්නේය.
මෙවර කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාව රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමිවන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් පත්‍රිකාවක් යොමුකරන අවස්ථාවක දී අදාළ රාජ්‍ය අමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය නියෝජනය කිරිමේ හැකියාව පවතින බව සඳහන් වේ.
COMMENTS