පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද “තමන්...
නව ජාතික උරුමයන්, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කොට තිබෙනවා.
ඊයේ දිනයේ බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු වාර්තා කර තිබුනේ හෙට දිනයේදී පොදුජන පෙරමුණේ හොරණ මැතිවරණ කොට්ඨාශ බල මණ්ඩලය කැඳවා ඇති අතර ඇමති ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිත බවත්, ඔවුන් දෙන තීන්දුවට හිස නැමීමට තමා සූදානම් බව විදුර වික්‍රමනායක මහතා සඳහන් කොට තිබු බවයි.
කෙසේ වෙතත් ඇමතිවරයාගේ ෆේස්බුක් සටහන අනුව ඊයේ දිනයේ බොහෝ වෙබ් අඩවි වාර්තා කල එම පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බවටයි ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.
COMMENTS