පසුගිය මහා මැතිවරණයේ දී පරාජයට පත්වූ මාතර නිරෝෂන් ප්‍රේමරත්න සහ මොනරාගල පද්ම උදයශාන්ත ගුණසේකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇමත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගැනීම ප්‍රතිපත්තිය වුවද මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන ලෙසය.
කෙසේ වුවද ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත්තේ කෙතරම් දුෂ්කර අවස්ථාවක වුව ද එම ප්‍රතිපත්ති කැඩීම නරක පූර්වාදර්ශයක් බවත් එය ආණ්ඩුවේ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පළුදු වීමට හේතු විය හැකි බවය.
නිරෝෂන් මෙන්ම උදයශාන්ත ද 2015 මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ අවස්ථාවේ සිට යහපාලන ආණ්ඩුවට එරෙහිව සටන් කළ මන්ත්‍රීවරු දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුය.
COMMENTS