ම හ මැතිවරණයෙන් පසු සමඟි ජන බලවේගයේ පිරිසක් නැවත එජාපය සමඟ එක්වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ. “සිළුමිණ” පුවත්පත සිය සිරස්ත...
මහ මැතිවරණයෙන් පසු සමඟි ජන බලවේගයේ පිරිසක් නැවත එජාපය සමඟ එක්වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
“සිළුමිණ” පුවත්පත සිය සිරස්තලයෙන් මේ බව අනාවරණය කර තිබේ.
එම පක්ෂයේ තවත් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එකතුවීමේ අපේක්ෂාවෙන් එම පෙරමුණේ නායකයින් සමඟ ද රහස් සාකච්ඡා වට කීපයක්ම මේ වන විටත් පවත්වා ඇති බව එහි දැක්වේ.
මේ පිරිස අතර ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන්ගෙන් තිදෙනෙකුට විවිධ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද එහි දැක්වේ.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති පිළිබඳව පැහැදීමෙන් මෙවර මැතිවරණයට එජාපයෙන් තරග කරන තරුණ අපේක්ෂකයන් සිව් දෙනෙකු ඉකුත් සතියේ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
සමඟි ජන බලවේගයේ ජනප්‍රිය අපේක්ෂකයන් කීප දෙනෙකුම ඉකුත් සතියේ කොළඹින් පිටතදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇති බවද සිළුමිණ වාර්තා කර තිබේ.
සමඟි ජන බලවේගයෙන් එජාපයට යළි සම්බන්ධ වීමට සුදානමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ කණ්ඩායමකට වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ උපදෙස් දී ඇත්තේ මේ මොහොතේ තම තමන් ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරනවා හැර පක්ෂ මාරු කීරිමට උත්සාහ නොකරන ලෙස බවද වාර්තා වේ.
ජයග්‍රහණය කළ පසුව ආණ්ඩුවක් සෑදීමට කටයුතු කළ යුතු බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් වෙනත් පක්ෂයකට සහාය ලබා දෙන්නේ නම් ඔවුන් වෙනුවට වෙනත් අය පත් කිරීමට කටයුතු කිරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කර ඇති හෙයින් සමඟි ජන බලවේගයට සහාය දැක්වීමට ඔවුන් මැලිකමක් දක්වන බවද වාර්තා වේ.

COMMENTS