කුරුණෑගල නගර මධ්‍යයේ ඩෝසර් කර කඩා ඉවත් කර ඇත්තේ කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය ලෙස හඳුන්වන ගොඩනැගිල්ලේ කොටසක් යයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජන...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපතිවරයා වන ඒ මහතා ඊයේ දිනයේ එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත මේ බව කියා සිටියේය.
සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වාර්තාව ඉක්මනින්ම අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන බව ද ඔහු එහිදී පැවසිය.
කුරුණෑගල නගර සභාව විසින් ඉවත් කරන දමන දමන ලද කොටසේ ඇති බුවනෙකබාහු රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ලට සිදුව ඇති හානියක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාවත් ගැන තොරතුරු වාර්තාවට ඇතුළත් කරන බව ද ඔහු සඳහන් කළේය.
කුරුණෑගල නගරාධිපති වරයා විසින් පවසන පරිදි එහි වෙනත් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැති බව ද පැවසූ ඔහු පුරාවිද්‍යා ස්ථාන බොහොමයක් රට පුරා විවිධ ව්‍යාපාර සඳහා දැඩි කොන්දේසි යටතේ ලබා දී ඇති බවද සඳහන් කළේය.
ඒවා නඩත්තු කිරීමට යන වියදම අබලන් තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහාත් කොන්දේසි යටතේ ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා රට පුරා බොහෝ ස්ථානයන්හි පුරාවිද්‍යාත්මක ස්ථාන ලබාදී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
COMMENTS