දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාඩා නඩුවෙන් ටිරාන් ඇතුළු 04 දෙනා නිදහස්
Homeදේශපාලන

රාඩා නඩුවෙන් ටිරාන් ඇතුළු 04 දෙනා නිදහස්

PropellerAds

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්...

ධීවරයින් කබලෙන් ලිපට
ජනතාවට රිදෙන තවත් මිල ඉහළ යාමක්!
පාන් පිටි මිලත් ඉහළට
රාඩා නඩුවෙන් ටිරාන් ඇතුළු 04 දෙනා නිදහස්

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝගය ද නිකුත් කරනු ලැබීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු නැමැත්තිය මෙම නඩුවට පාදක වන ඇතැම් ලේඛනවල මුල් පිටපත් තමන් දැක නොමැති බවත් ඡායාපිටපත් පමණක් තමන් පොලීසිය වෙත බාරදුන් බවත් ප්‍රකාශ කළේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සාක්ෂිකාරිය පැමිණිල්ලට අදාළ විමර්ශන සිදු කරන අවස්ථාවේ දැරූ ස්ථාවරයට වඩා වෙනස් ඊට පටහැනි ස්ථාවරයක් දරණ බැවින් ඇය පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකාරියක ලෙස නම්කර සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ.

ඒ අනුව අදාළ සාක්ෂිකාරිය ගෙන් වැඩිදුරටත් සාක්ෂි මෙහෙයවීම විනිසුරුවරයා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අවසර ලබා දුන්හ.

එම සාක්ෂි මෙහෙය වීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් මෙම නඩුව පවත්වාගෙන නොයන බවටත් පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බවටත් අධිකරණයට දන්වා සිටියහ.

මෙම සාක්ෂිකාරිය සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙස නියෝග කරනු ලැබීය.

එමෙන්ම ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය භාරයේ රඳවාගෙන සිටින ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඔවුන් වෙත මුදා හරින ලෙස ද නියම කළේය.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ඇන්තනී එමිල් කාන්තන් වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට ද විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ඉදි කර දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජය මුදල් සහ සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එම ආයතනයේ ප්‍රධාන විධායක සාලිය වික්‍රමසූරිය, එහි ගණකාධිකාරී වරයෙකු වන ජයන්ත ඩයස් සමරසිංහ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මුදල් අංශයේ නායකයෙකු බව කියන ඇන්තනී එමිල් කාන්තන් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29444,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාඩා නඩුවෙන් ටිරාන් ඇතුළු 04 දෙනා නිදහස්
රාඩා නඩුවෙන් ටිරාන් ඇතුළු 04 දෙනා නිදහස්
http://am.lk/media/k2/items/cache/9b3587fbe58cb9278794bcaab9838b2b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/04_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/04_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy