ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රමුඛතම ක්‍රමවේදයක් සහ අපනයන කටයුතු ප්‍රවර්ධනයට ඉවහල්වන විදේශ වෙළඳ ප්‍රදර්ශන සඳහා අ...
ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රමුඛතම ක්‍රමවේදයක් සහ අපනයන කටයුතු ප්‍රවර්ධනයට ඉවහල්වන විදේශ වෙළඳ ප්‍රදර්ශන සඳහා අපනයනකරුවන් සහභාගී කරවීම අපනයන සංවර්ධන මණ්ඩලය මඟහරිමින් සිටින බවට අපයනයනකරුවන් චෝදනා කරති.
විශේෂයෙන් චීනයෙන් ලැබෙන වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගී වීමේ අවස්ථාව අපනයන සංවර්ධන මණ්ඩලය මඟහරින අතර ඇතැම් ප්‍රදර්ශනවලට අපනයනකරුවන් සහභාගී කරවීම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හෝ වාණිජ මණ්ඩලයට හෝ යොමු කරන බව ද ඔවුහු කියති.
මිට අමතරව විදේශ වෙළඳ ප්‍රදර්ශන සොයා බලමින් වැඩි වැඩියෙන් ඒවාට ලාංකික අපනයනකරුවන් සහභාගී කරවීම අපනයන සංවර්ධන මණ්ඩලයේ වගකීමක් වුවද එහි පාලනාධිකාරිය එවැන්නක් සිදු නොකරන බවද අපනයනකරුවෝ පවසති.
චීනයේ පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන අපනයනකරුවන්ට එමනිසා දැඩි අසාධාරණයක් වන බව ද ඔවුහු කියති.
මිට වසර කිහිපයකට ඉහතදී අපනයන සංවර්ධන මණ්ඩලය විදේශ වෙළඳ ප්‍රදර්ශනය සඳහා මෙරට අපනයනකරුවන්ට වැඩි අවස්ථාවක් සලසා දුන් නමුත් වර්තමානයේ එම ක්‍රියාවලිය මන්දගාමීවී ඇතැයි අපනයනකරුවෝ සඳහන් කරති.
COMMENTS