ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සුළු ජනවාර්ගික පක්‍ෂ සඳහා බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති නොකළොත් ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වීමට තමන් සූදානම් බව ශ්‍රී ලං...
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සුළු ජනවාර්ගික පක්‍ෂ සඳහා බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති නොකළොත් ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස් නායක ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සීමා නිර්ණ කමිටුව විසින් මුස්‌ලිම් ප්‍රජාව ඇතුළු උතුරු නැගෙනහිර සුළු ජනප්‍රජාවට දැන් අසාධාරණයක් සිදුව ඇතැයි පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ විවාදයේදී අදහස් දැක්‌වමින් රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.
කුඩා ජන කොට්‌ඨාස සඳහා වෙනම කොට්‌ඨාසයක් ලෙස බහු මන්ත්‍රී ආසන ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් එම අසාධාරණයට එරෙහිව ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌වීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ අතර රවුෆ් හකීම් අමාත්‍යවරයා දෙමළ ප්‍රගතශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ. පළාත් සභා ඡන්දය පිළිබඳ සහ දේශපාලන තත්වය පිළිබඳවද එහිදී අදහස් හුවමාරු වූ බව දැනගන්න තිබේ.
COMMENTS