කොරෝනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා අද (22) සිට විවෘත කිරිමට වනජිවි ස...
කොරෝනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා අද (22) සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ .
මහජන සෞඛ්‍ය නීති අනුව සංචාරකයින්ට අලි පැටවුන් නැරබ්මේ හැකියාව නැරඹුම් කුටියේ සිට ලබාදෙන බව උඩවලව ඇත් අතුරු සෙවණ කාර්‍යාලය පවසයි .
උඩවලව ජාතික වනෝද්‍යානය ද ඉකුත් 15 වනදා සිට ව්වෘත කර තිබේ .
සංචාරක වාහන 150 ක් පමණ දිනකට වනඋද්‍යානය තුළට ඇතුළත් කර ගැනිමට වනජිව් සංරක්ෂණ දේපාර්තමේන්තුව උපදෙස් ලබාදි තිබේ . උඩවලව ජාතික වනෝද්‍යානය ව්වෘත කර ගතවු දින පහක කාලයේදී සැලකියයුතු දේශිය සංචාරකයින් පිරිසක් වනඋද්‍යානය නැරඹීමට පැමිණ තිබේ .
විදෙස් සංචාරකයින්ට මෙරටට පැමිණිමට අවසර ලැබුණු පසු උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවණ නැරඹීමට සුපුරුදු ලෙස සංචාරකයින් එනු ඇතැයි උඩවලව සංචාරක කර්මාන්තයේ යෙදෙන අයගේ විශ්වාසයයි.
COMMENTS