දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අගමැතිට කැපූ වලේ ජනාධිපතිත් වැටෙයිද !

විශේෂයෙන් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවන අතර එසේ වුවහොත් දෝෂාභියෝගය ඉදිරිපත් වීමේ වැඩි ...

අගමැතිට කැපූ වලේ ජනාධිපතිත් වැටෙයිද !

විශේෂයෙන් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවන අතර එසේ වුවහොත් දෝෂාභියෝගය ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් පවතින බවයි එකී ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

යහපාලන ආණ්ඩුවේ කුමන මතවාද පැවතියද මෙතෙක් කල් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අවබෝධයෙන් කටයුතු කළ අතර එහෙත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය එයට පක්ෂව ඡන්දය භාවිතා කළහොත් දෙපාර්ශ්වය අතර සියලු එකඟතා අහෝසි වනු ඇත. ආණ්ඩුවේ සිටින ඇමතිවරුන්ම ආණ්ඩුවේ නායකයාට එරෙහිව කටයුතු කරන්නේ නම් ඉන් පසු ඔවුන්ට එකම ආණ්ඩුවක, එකම කැබිනට් මණ්ඩලයක කටයුතු කළ නොහැකියි.

ඒකාබද්ධයේ අරමුණට ශ්‍රීලනිපයේ සහාය

ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සැබෑ අරමුණ වන්නේ එජාප-ශ්‍රීලනිප එකඟතාවය බිඳ දැමීමයි. එය මේ වනවිට ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ මෙන්ම ජනාධිපතිවරයාගේද සහයෝගය මත සාර්ථකව සිදුවෙමින් තිබේ. විශ්වාස භංගයේ අවසානය කුමක් වුවද, කුමන පාර්ශ්වයක් ජය ගත්තද එජාප-ශ්‍රීලනිප සහයෝගය අවසන් වන අතර ඔවුන්ට තවදුරටත් එකම ආණ්ඩුවට කටයුතු කිරීමට නොහැකි වනු ඇත.

ජනාධිපති තනිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකයා වුවද හැමවිටම ඔහු ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණියේ ශ්‍රීලනිපයට වඩා එජාපයයි. එජාප ඇමතිවරුන් ජනාධිපතිවරයාට චෝදනා කරද්දී අගමැතිවරයා ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමට කටයුතු කළ අතර ජනාධිපතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කළේය.

එහෙත් මේ වනවිට එම විශ්වාසය පළුදු වී ඇති අතර යම් හෙයකින් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශ්වය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට සහයෝගය දැක්වුවහොත් ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට එජාපය තවදුරටත් කටයුතු නොකරනු ඇත. ඒ අනුව ජනාධිපතිවරයාට ඉතිරි වන්නේ ශ්‍රීලනිපයේ සුළු පිරිසක් පමණි. වත්මන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන් පවා එක් කකුලක් රාජපක්ෂලා ළඟ තබාගෙන සිටින බැවින් ඔවුන් ඕනෑම මොහොතක ජනාධිපතිවරයා ලඟ තබාගෙන සිටින කකුල ද ඉවත් කර ගැනීමට දෙවරක් නොසිතනු ඇත.

වත්මන් පාර්ලිමේන්තු සංයුතිය

වත්මන් පාර්ලිමේන්තු සංයුතියට අනුව බහුතර ආසන සංඛ්‍යාවක් හිමි කරගෙන සිටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන්ට පාර්ලිමේන්තු ආසන 106 ක් හිමිවන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු ආසන සංඛ්‍යාව 95 කි. මීට අමතරව දෙමළ සන්ධානයට 16 ක්, ජනතා විමුක්ති පෙරමුණට 6 ක්, මුස්ලිම් කොන්ග්‍රසයට එකක් හා ඊපීඩීපී පක්ෂයට එකක් වශයෙන් ඉතිරි ආසන බෙදී ගොස් තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරය මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සතුවන අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ සලකා බැලුවහොත් ඒකාබද්ධ විපක්ෂය සතු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 55 ක් ලෙස සැලකිය හැකිය.

දෝෂාභියෝගයක් හමුවේ පාර්ලිමේන්තුවේ හැසිරීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක අත්සන් සහිතව කතානායකවරයා වෙත දෝෂාභියෝගයක් ඉදිරිපත් වුවහොත් එය අනිවාර්යයෙන් විවාදයට ගැනීමට සිදුවන අතර එය සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ත බහුතරයකින් සම්මත විය යුතුය. සරලව කිවහොත් ඡන්ද 150 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.

එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් දෝෂාභියෝගය ඉදිරිපත් වුවහොත් එම පක්ෂයේ ඡන්ද 106 ම දෝෂාභියෝගයට පක්ෂව ලැබෙන අතර දෙමළ ජාතික සන්ධානය ද ඒ සඳහා සහයෝගය දැක්වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මන්ද උතුරු නැගෙනහිර බහුතර ඡන්ද ලබාගත් ජනාධිපතිවරයා ඉන්පසු උතුරු නැගෙනහිර ජනතාව අමතක කළ බව ඔවුන් වර්තමානයේදී දරන මතයයි.

ඒකාබද්ධ විපක්ෂය ද දොෂාභියෝගයට සහයෝගය දෙනු ඇත. මන්ද ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ එජාපය හා ශ්‍රීලනිපය අතර එකඟතාවය බිඳ වැට්ටවීමයි. විශ්වාස භංග යෝජනාව හරහා ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය දෝෂාභියෝගය හරහා ඉෂ්ට වේ.

යම් හෙයකින් දෝෂාභියෝගයට අවශ්‍ය 2/3 බහුතරය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය අසමත් වුවද ජනාධිපතිවරයා තවදුරටත් හුදෙකලා වන අතර දැනට ජනාධිපතිවරයා සමීපයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්වනු ඇත.

අවසානයේ සැබෑ ජයග්‍රාහකයා වනු ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29541,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැතිට කැපූ වලේ ජනාධිපතිත් වැටෙයිද !
අගමැතිට කැපූ වලේ ජනාධිපතිත් වැටෙයිද !
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/fecda84bfad748934874d532f0383da1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy