රක්ෂිත බන්ධනාගාරගත, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්තේ ඔහුගේ නිවස අසලදී පුද්ගලයින් තිදෙ...
රක්ෂිත බන්ධනාගාරගත, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්තේ ඔහුගේ නිවස අසලදී පුද්ගලයින් තිදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට අද පස්වරු 6.30ට පමණ මාළිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි නිවස අසලදී මෙලෙස තියුණු ආයුධයකින් පහර දී තිබේ.
සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ලැබූ 65 හැවිරිදි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබයි.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පහර දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇති අතර ඉන් පුද්ගලයෙකු ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය සමඟ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු වන කංජිපානි ඉම්රාන් මේ වන විට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහුගේ පියා, කංජිපානි ඉම්රාන් හට ආහාර භාජනයක් තුළ සූක්ෂම ලෙස සඟවා ජංගම දුරකථන 2ක් ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.
COMMENTS