දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මියගිය කොරෝනා රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

මියගිය කොරෝනා රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

PropellerAds

කො රෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සි‍ටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය ර...

ලොතරැයිවල අත්වැරදීමක්? වැරදිකරුවන්ට දඬුවම් දීමට පරීක්ෂණයක් 
විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්?
සීමානිර්ණ වාර්තාව 17දා ගැසට්පත්‍රයට
කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සි‍ටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇත.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා පසුගිය දා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් ‍පීසීආර් පරීක්ෂණයක් ද සිදුකර තිබේ. මෙම පරීක්ෂණය සිදුකර ඇතතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ වෛද්‍යපීඨ රසායනාගාරයේ දී ය. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇතැයි සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ බව තහවුරු වී තිබිය දී පසුගිය 27 වැනි දා රෝගියා මියගියේය. ඔහුගේ දේහය මෘත දේහ ආරක්ෂිතව බහාලන බෑගයකට දමා මෘතශරීරාගාරයේ තැන්පත් කරන ලදී.  ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සැළසුම් කර තිබී ඇත. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම රෝගියා කොරෝනා යැයි තහවුරු වී ඇති බැවින් ඔහුගේ ඥාතීන් හා රෝහලට රැගෙන ආ පුද්ගලයන් ද නිරෝධායනයට යොමුකර තිබේ.

එසේ තිබිය දී යළිත් එම රෝගියාගේ මළ සිරුරෙන් පෙනහළු සාම්පලයක් ගෙන 28 වැනි දින අයිඩීඑච් රෝහලේ රසායනාගාරය වෙත යවා තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බලධාරීන් පවසා ඇත්තේ අයි.ඩී.එච්.රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්ෂණ අනුව මෙම රෝගියාට කොරෝනා වැළඳී නොමැති යැයි තහවුරු වී ඇති බවයි.

මෙම දෙවැනි පරීක්ෂණය පදනම් කරගනිමින් දේහය ඥාතීන්ට භාර දී ඇති බවත්, ඒ අනුව දේහය රැගෙන ගිය ඥාතීන් හෝමාගම නියදගල සුසානභූමියේ දී නිරෝධායන නීතිවලට අනුකූළ නොවන පරිදි අවසන් කටයුතු ඊයේ (30) සිදුකර ඇති බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින් සංගමය පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මියගිය කොරෝනා රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්
මියගිය කොරෝනා රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2erFMjaRJot-wIDdWCpGIKjZ93vW_tZDtUmQyjXxW_io14ejq9OdTiOIJqYngz2Sux1rVhfwW8Z1gKpyKR41w_9Px7TlBQV6NwRCz6Rbk9dbWPADknRP6WX665FhQsTbYCf56C40oDtw/s320/9787dab9fa48284f18189b4fe18e2c8fbad476a3.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2erFMjaRJot-wIDdWCpGIKjZ93vW_tZDtUmQyjXxW_io14ejq9OdTiOIJqYngz2Sux1rVhfwW8Z1gKpyKR41w_9Px7TlBQV6NwRCz6Rbk9dbWPADknRP6WX665FhQsTbYCf56C40oDtw/s72-c/9787dab9fa48284f18189b4fe18e2c8fbad476a3.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_93.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_93.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy