ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඇඳිරි නීතිය නැතත් දිස්ත්‍රික් අතර...
ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල බස්රථ 2,300 ක් පමණ ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඇඳිරි නීතිය නැතත් දිස්ත්‍රික් අතර බස්රථ ධාවනය නොකල අතර ඒ ඒ දිස්ත්‍රික්ක තුළ පමණක් බස්රථ ධාවනය කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
සියලුම බස්රථවල සිග් සැග් ක්‍රමයට මගීන්ට අසුන්ගන්නට සැළැස්වූ බවත් රාජකාරි සඳහා යන මගීන් වැඩි පිරිසක් බස්රථවල ගමන්ගත් බවත් සභාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් ආසන ගණනට මගීන් ගෙන යා හැකි ද යන්න ගැන සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල පමණක් මගී ප්‍රවාහනය සඳහා බස්රථ ධාවනය කරන නමුත් කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා ඇඳිරි නීතිය පවතින කොළඹ කලුතර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්වලත් බස්රථ ධාවනය කරන බව රණවක මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS