මැ යි මස 28 වන දිනයේ මහ මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් කරන ලද යෝජනා...
මැයි මස 28 වන දිනයේ මහ මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් කරන ලද යෝජනාවක් එහි සාමාජික රත්නජීවන් හූල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි.
මහාචාර්ය රත්නජීවන් හූල් විසින් ඒ බව දන්වමින් සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් බව කියන ලිපියක්ද එම මාධ්‍යවල පලවී ඇත.
මැයි 28 දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා ගැසට් පත්‍රය නිකුත් කිරීමට සභාපති මහින්ද දේශප්‍රිය මහතා තමනට දුරකථනයෙන් අමතා යෝජනා කළ බවත් තමන් ප්‍රතික්ෂේප කළ බවත් එම ලිපියේ සඳහන් වෙයි.
තමන් එම යෝජනාවට එකහෙළාම විරුද්ධ බවත් මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු එමගින් සඳහන් කර ඇත.

COMMENTS