ලෝක වෙළදපොලේ තෙල් මිල වාර්තාගත ආකාරයට අඩු වන විට රටේ තෙල් මිල අඩු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර නොමැති බවත්, ජනතාවට සහන ලබාදීමට පැමිණි ව...
ලෝක වෙළදපොලේ තෙල් මිල වාර්තාගත ආකාරයට අඩු වන විට රටේ තෙල් මිල අඩු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර නොමැති බවත්, ජනතාවට සහන ලබාදීමට පැමිණි විරුවා කොහිදැයි ප්‍රශ්ණ කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ගාල්ලේදී පාක්ෂිකයින් පිරිසක් හමුවෙමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.
එහිදී ඒ මහතා එසේ අදහස් දැක්විය.
අද ලෝක වෙළදපොළේ බොර තෙල් මිල වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා. නමුත් ආණ්ඩුව එම වාසිය ජනතාවට ලබා නොදීම සම්බන්ධයෙන් අපි දැඩි අප්‍රසාදය ආණ්ඩුව පළ කරනවා. තෙල් මිල අඩු කරන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුලු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට බයිසිකල් පැදගනෙ ආවා. එහෙම කරපු අය ලෝක ඉතිහාසයේ අඩු මිලකට තෙල් මිල අඩු වන විට ලංකාවේ තෙල් මිල අඩු කරන්න බැරිවෙලා. ජනතාවට සහන දෙන්න ආපු විරුවා කෝ? දැන් ජනතාවට සහන දෙන්න ඇවිත් තමන්ගේ මඩි තර කරගැනීමට කටයුතු කිරීම ගැන කණගාටු වෙනවා. තෙල් මිල අඩු කරන්නේ නැතිනම් අපි පාරට බැහැලා විරෝධතාවල නිරත වෙනවා. කොරොනා වැළදුන චීන ජාතික කාන්තාව හොදින් බලාගත්ත අය කොරියාවේ සිට එන රට විරුවා නිරෝධායන කටයුතු සදහා යොමු කරන විට රුපියල් හත්දහස් පන්සියයක මුදලක් ලබාගන්නවා. ගත්තේ නෑ කියලා කිව්වට රුපියල් හත්දහස් පන්සියයක් ගන්නා බව ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් පැහැදිළි කර තිබෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිසි ප්‍රමිතියක් ඇති ඒවා නොවෙයි. කූඩාරම් වගේ තැන්වල, තට්ටු ඇදවල්වල දාලා නිරෝධායනය කියලා හිංසනයට ලක් කිරීම අපි හෙළා දකිනවා. ලංකාවේ නැවත වරක් රාජපක්ෂ රජ පවුල කියන මතය තහවුරු කරන්න හදනවා. එංගලන්තයේ එළිසබත් මහ රැජිණගේ කතා වගේම මහින්ද රාජපක්ෂගේ කතා එළියට එනවා. කේට් - විලියම් කතා වගේ රාජපක්ෂ දරුවන්ගේ කතාත් ප්‍රවෘත්ති බවට පත්වෙලා තිබෙනවා. රජ පවුල් සංස්කෘතියක් රට ඇතුළේ නිර්මාණය වෙමින් තිබෙනවා. මේ රට නැවත වහල් යුගයකට ගෙන යාමටද සූදානම් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය අපිත් එක්ක එකතුවෙනවා ද කියලා දන්නේ නෑ. නමුත් සමගි ජන බලවේගය සමග සියලුම බලවේග මේ වන විට එකතු වෙමින් තිබෙනවා."
"පුළුල් සන්ධානයක් ලෙස තරග කරලා අපි ජයග්‍රහණය කරනවා. පසුගිය දවස්වල එක්සත් ජාතික පක්ෂයම අවශ්‍ය යැයි කී බොහෝ දෙනා අපි සමග එකතු වෙනවා. අපි සමගි ජන බලවේගය හදන්නේ පක්ෂය කඩලා නෙමෙයි. සමගි ජන බලවේගය නිර්මාණය කිරීම සදහා වන අනුමැතිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ලැබී තිබෙනවා. අපිත් එක්ක ඩීල් කාරයෝ හිටපු නිසා අපිට ඡන්දය නොදුන් අයට දැන් කියන්න තියෙන්නේ සමගි ජන බලවේගය සමග කිසිම හොරෙක් නැති බවයි. අපි ළග බැදුම්කර හොරු නෑ. ඩීල් කාරයෝ නෑ. රාජපක්ෂලාට කඩේ යන අය නෑ. අපිත් එක්ක ඉන්නේ පිරිසිදු කණ්ඩායමක්. අපිට ඡන්දය ලබාදී රාජපක්ෂ රෙජීමය ගෙදර යවන්න අපිත් එක්ක එකතු වෙන්න. සමහර අය පහුගිය කාලවලදී කිව්වේ සමහර පුද්ගලයින් සිටිනවා නම් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා නොදෙන බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී අගමැතිවරයා කවුරුන්ද යන්න නිශ්චිතව පැහදිළි නොවීම හා ඇතැම් පුද්ගයින් තමන් අගමැති අපේක්ෂකයා බව කීම නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවාසියක් සිදුවුනේ. දැන් එහෙම ප්‍රශ්ණ නෑ. එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් සියයට අනූ නමයක්ම ඉන්නේ අපි සමගයි. රාජපක්ෂලාට විරුද්ධව කටයුතු කරන ඔ්නම අයෙක්ට අපි සමග එකතු වෙන්න පුලුවන්. රාජපක්ෂවරු සමග තිබෙන ඩීල් එක අනුව අපිත් එක්ක එකතුවෙනවාද නැද්ද කියන තීරණය ඔ්නම අයෙක්ට ගන්න පුලුවන්. ඩීල් නැති හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්. ඒ වගේම තමයි අනෙක් පක්ෂවල ඉන්න, කුඩම්මාගේ සැලකිළිවලට ලක්වන අයටත් අපි. තෙල් මිල සම්බන්ධයෙන් පෙනී සිටිනවා වගේම, නිරෝධායනයට ලක්කරන තරුණයින් වෙනුවෙන් පෙනී සිටිනවා වගේම අපි කුඩා තේවතු හිමියන් වෙනුවෙන්ද පෙනී සිටිනවා. නියං තත්වයෙන් පීඩාවට පත්ව සිටින කුඩා තේ වතු හිමියන්ට, තේ කර්මාන්තශාලා හිමියන්ට සහන ලබාදෙන්න කියලා අපි රජයට දැඩිව අවධාරණය කරනවා. දකුණු පළාත ඇතුළු පළාත් රැසක ඇතිවී තිබෙන නියං තත්වය නිසා තේ කර්මාන්තය කඩා වැටෙනවා. කුඩා තේවතු හිමියා දැඩි ලෙස පීඩාවට පත් වී තිනෙවා. මේ නිසා කුඩා තේවතු හිමියන්ට හා තේ කර්මාන්ත හිමියන්ට සහනාධාරයක් ලබාදෙන්න කියලා රජයට අවධාරණය කරනවා. තේ කර්මාන්තයට සම්බන්ධ, වැවිලි කර්මාන්ත ඇමැතිවරයා සිටින්නේත් දකුණු පළාතේයි. ඔහුට මේ පිළිබද හොදට දැනෙනවා ඇති. වහාම කුඩා තේවතු හිමියන්ට සහන ලබාදෙන්න."යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
COMMENTS