මා නිවී අවපැහැ ගැනුණි නම් ඈ නිසා දැල්වී ඉන්න සමා කුමටද සදා පෙමකට හිමියනේ සැනසී ඉන්න. මා දමා නික්මුණ තැනම හිඳ ඔබව පිළිගන්නට දෙන්න ...
මා නිවී අවපැහැ ගැනුණි නම්
ඈ නිසා දැල්වී ඉන්න
සමා කුමටද සදා පෙමකට
හිමියනේ සැනසී ඉන්න.
මා දමා නික්මුණ තැනම හිඳ
ඔබව පිළිගන්නට දෙන්න
ඇයට මෙන් එක වතාවක් යළි
මුහුණ සිප ගන්නට දෙන්න.
පෙම්කලා අපි එකම හිතකට
පව් කළා යයි නොකියන්න
උත්තරා ! කාටත් හොරෙන්විත්
පැන් වඩන තැන ඉඳගන්න.
COMMENTS