ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත. ශ්‍රී ලංකා නිදහස් පොදුජන ස...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පාර්ශ්ව වලටද තම පක්ෂයේ පොහොට්ටුව ලකුණින් තරග කිරීමට අවස්ථාව ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා පැවසී ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසන්නේ තම පක්ෂයටද පොහොට්ටුව ලකුණින් තරග කිරීම ගැටලුවක් නොවන බවයි.
ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ 10ක් එක්ව පසුගිය පෙබරවාරී 17වනදා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටවනු ලැබුවේය.
එම අවස්ථාවේදී නව සන්ධානයට පොහොට්ටුව ලකුණ ලබා දෙන බව සඳහන් කර තිබුණද ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ එළැඹෙන මහ මැතිවරණයට සිය පක්ෂය පොහොට්ටුව ලකුණ යටතේ මැතිවරණයට තරග වදින බවයි.
COMMENTS