දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනපති ඉල්ලයි
Homeදේශපාලන

කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනපති ඉල්ලයි

PropellerAds

ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. වගකිම් විරහිතව ක්‍රියා කිරී...

කෝලිතට තානාපතිකමක් : ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ක්‍රිෂාන්ත?
අගමැති අද Belt and Road සමුළුවට.
පවුලේ නඩු ඉවත් කළොත් එකතු වෙන්න ලෑස්තියි - මහින්දගෙන් මෛත්‍රීට පණිවිඩයක්.
කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනපති ඉල්ලයි

ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

වගකිම් විරහිතව ක්‍රියා කිරීමෙන් රටක් වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවිය හැකි බව ඔහු අවධාරණය කළේය. ලෝකයේ ප්‍රධාන රටවල් රැසක් පාලනය කළ නොහැකි අන්දමින් කොරෝනා වෛරසය ව්‍යාප්තියට මුහුණ දී සිටී. මේ තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීමට අරඹා ඇති නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යාවශ්‍යව ඇතැයි ජනාධිපතිවරයා  සඳහන් කළේය.

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භයේ සිට රටටත්, ජනතාවටත් පීඩාවක් නොවන ආකාරයෙන් පාලනය කිරීමට රජයට හැකි වූ බව ජනාධිපතිවරයා පැවසීය.

සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍ර විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියා කිරීමෙන්  ව්‍යාප්තිය වැළැක්වීමට හැකි විය. තවදුරටත් එම තත්ත්වය පවත්වාගෙන යාමට රජය ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළට සහ සෙසු ක්‍රියාමාර්ගයන්ට සියලු පාර්ශ්වයන්ගේ පූර්ණ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරියටත් ගතයුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් සහ ප්‍රවීනයන් සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා පෙරේදා (10) පස්වරුවේ හඳුනා ගැනිණ. 52 හැවරදි මොහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙකි. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම් දෙකකට ඔහු සේවා සපයා තිබේ. රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත. ඔහු හබරණ සහ දික්වැල්ල ප්‍රදේශවල සංචාරයේ නිරතව තිබේ. එම ස්ථාන සහ පුද්ගලයන් සම්බන්ධයෙන්  සෞඛ්‍යමය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මඩකලපුවේ මධ්‍යස්ථාන දෙකක 685 දෙනෙක් නිරෝධායනයට ලක් කර සිටිති. ඉතා කෙටි කාලයකදී ඔවුන්ට දිය හැකි උපරිම පහසුකම් සුදානම් කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළ බව හමුදා මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය. හැදල සහ දියතලාව මධ්‍යස්ථාන ද නිරෝධායනය සඳහා සුදනම් කර තිබේ.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකන් මෙන්ම විදේශිකයන් ද දින 14ක නිරෝධායනයට මේ ස්ථාන වෙත යොමු කෙරේ. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සෙසු පහසුකම් ද හැකි උපරිමයෙන් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එහෙයින් විදේශගත පැමිණෙන සියලුදෙනා  රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ක්‍රියාවලියට සහය වන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

නිරෝධායනයෙන් පසු ඒ පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට ද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

විදේශකයන් වෙත ලබාදුන් on arrival  වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිකුත් කිරීම  වහාම අත්හිටුවීමට ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

වෙනත් රටවල සිට පැමිණෙන අය නිවෙස්වල සිට නිරෝධායනය වෙමින් මීට දායකවන්නැයි ද ජනාධිපතිවරයා ඉල්ලීය.

කණ්ඩායම් වශයෙන් වෙනත් රටවල කෙරෙන සංචාරයන් වහාම නැවැත්වීම සම්බන්ධයෙන් ද  අවධානය යොමු විය. හිඟයකින් තොරව ඖෂධ වර්ග සූදානම් කර තැබීම සහ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විධිමත් කිරීමට ද ජනාධිපතිවරයා  උපදෙස් දුන්නේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනපති ඉල්ලයි
කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනපති ඉල්ලයි
http://am.lk/media/k2/items/cache/2939d6aa09ba6d914c1bedaeb64e0cbe_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_449.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_449.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy