උතුරු පලාතේ සිවිල් රාජ්‍ය ආයතන වෙතට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජ...
උතුරු පලාතේ සිවිල් රාජ්‍ය ආයතන වෙතට ආරක්ෂක අංශ නිලධාරීන් අනියුක්ත කිරීමෙන් උතුරේ ජනතාව හමුදා පාලනයක් යටතේ පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ ගනිමින් සිටින බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ කිලිනෝචිය කිරංචි ප්‍රදේශයේ ඊයේ (04) පැවති ජනහමුවකට සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේය.
"පසුගිය දිනයන්හි රජය විසින් එහෙමත්නැත්තම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවකට අනුව අධ්‍යාපනයක් නොමැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන බව පවසා සම්මුඛ පරික්ෂණ තිබුනා එහි සම්මුඛ පරික්ෂණ මෙහෙයවූවේ ආරක්ෂක අංශ සාමාජිකයින් එමගින් පෙනී යන්නේ උතුරේ සිවිල් කටයුතු වෙනුවෙන් ආරක්ෂක අංශ යොදා ගැනීමේ උත්සහයක් පිළිබඳවයි. මෙරට ඉතිහාසයේ කවදාවත් නොවන අයුරින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවූවා පසුව උතුරේ සංවර්ධනයට මෙන්ම ජාතික ගැටලුවටද විසඳුම් සෙවීමට උථ්සහ ගත්තා උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන්ද වැඩිම මුදලක් වෙන්වුනෙත් මේ කාලයේ ඒ මුදලුත් ජනාධිපතවරනයත් සමග අත්හිටුවා තිබෙනවා මේ සියලු දේ අධික්ෂණය කර මෙවර මහමැතිවරණයෙන් ජනතාව බුද්ධිමත් තීරණයක් ගනියි කියලා අපි විශ්වාශ කරනවා."
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS