2000 වසරේ සිට සිදුව ඇති බැඳුම්කර වංචාවලට අදාළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු ...
2000 වසරේ සිට සිදුව ඇති බැඳුම්කර වංචාවලට අදාළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසයි.
අනුරාධපුරයේ දී ඊයේ (10) මාධ්‍ය අමතමින් ඇය මේබව ප්‍රකාශ කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය පවසා සිටියේ, වත්මන් රජය ජනාධිපතිවරණය අවසන් වන තෙක්ම බැඳුම්කරය ගැන සිය වේදිකාවේ පැවසු බවයි.
අද වන විට ඔවුන් ළඟ සියලු බලතල තිබිය දී වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම එතරම් අපහසු කාරණයක් නොවන බවත් හිටපු මන්ත්‍රීවරිය පැවසීය.
රවී කරුණානායක මහතා හොඳින් පේන්න සිටින කෙනෙක් යැයි ද පැවසු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, වැරද්දක් කර ඇත්නම් අත්අඩංගුවට ගැනීම රජයේ වගකීමක් බවත් කියා සිටියේය.
බැඳුම්කරයට වඩා මුදල් හොරකම් කර ඇති අය අද ආණ්ඩුවේ සිටින බවත් පැවසු හිටපු මන්ත්‍රීවරිය, වත්මන් ආණ්ඩුවේ ඉන්න අයත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවත් ඇය පැවසීය.
COMMENTS