දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපට පල නොකියා පලා බෙදනවා - කරන දේ දයාසිරි කියයි
Homeප්‍රවෘත්ති

අපට පල නොකියා පලා බෙදනවා - කරන දේ දයාසිරි කියයි

PropellerAds

ප සුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නෑ. සමහර බලවේග වලට වුවමන...

සහල් හිඟය පිටුපස ප‍්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනෙක් - හඳුන්නෙත්ති
හතේ අපේ පොත අසභ්‍යයි, වහාම තහනම් කරන්න - අභයතිස්ස හිමි
සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
සුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නෑ. සමහර බලවේග වලට වුවමනා වී තිබෙනවා අපි අතර බෙදීම් ඇති කරන්න .ඒ නිසයි ඔය සමහර අයගෙන් පල නොකියා පලා බෙදන දේවල් ඇහේන්නේ අපි මේවට කලබල වෙන්නේ නෑ අපි සියලු දෙනා එකුතු වී මේ රටේ දැවැන්ත බලවේගලයක් රටතුල හදන්නත් ඉදිරි මැතිවරණයට මුහුන දෙන්නත් කටයුතු කරනවා යැයි කරුමාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඔහු මෙම අදහස්පලකර සිටියේ රත්නපුරේදී පැවති මැණික් ව්‍යාපාරිකයින්ගේ සදාහරිත සංගමයේ තුන්වන සංවත්සරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී මාධ්‍ය වේදීන් ප්‍රශ්න කිහිපයක් අමාත්‍යරයාගෙන් විමසා සිටි අතර ඒවාට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය, ඔය එක එක අය අය කියන දේවල් අපි ඒ තරම් ගනන් ගන්නේ නෑ මොකද හේතුව දේශපාලන අත්දැකීම් නැතුව තමන්ගේ මනාපය අනුව කටයුතු කරන අයයි අත්දැකීම් සහිත අය අතර වෙනසතමයි මේ කථාවලින් පේන්නේ . අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගෝඨාභට රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය
දුන්නේ රට ගැන හිතලා අපි ගන්න ඕනි නිවැරදි තීන්දුව ගත යුතු නිසායි. ඊට පස්සේ මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිලිවෙල අපි සියලු දෙනා එකතු වී සිදුකරනවා. ඊට එහා මම කැමති නෑ මේ ගැන කථා කරන්න.

මේ රටේ ඉන්න කෙලෙහෙගුණ දන්න මිනිස්සු දන්නවා පසුගිය මැතිවරණයේදී අප කල ක්‍රියාදාමය පිලිබඳව ඒ ගැන අවතක්සේරු කිරීම තමයි අපිට තිබෙන ප්‍රශ්ණය රටේ ජනතාව මේ පිළිබඳඏව නිවැරදී තීන්දුවක් ගන්නා බව අපි විශ්වාස කරනවා හිටපු ජනාධිපතිතුමා පසුගිය ජනාදිපතිවරණයේදී අපිට විශාල වගකීමක් පැවරුවා. එතුමා හිටපු ජනපතිවරයා විදිහට නිවැරදී තීනදුවක් ගත්තා. එතුමා අපේ නව සන්ධානයේ සභාපති ලෙස පත්කරගෙන තිබෙනවා එතුමා අනාගතේ මේ රටේ දේශපාලනයේ දිගටම රැඳී ඉන්නවා. හිටපු ජනාධිපතිනිය පසුගිය මැතිවරණයේදී අපට සහයෝගය නොදුන්නනත් අපි එතුමියටත් ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වී කටයුතු කරන ලෙස හැබැයි ලැබෙන තැන පිළිබඳව තීරනය කරන්න වෙන්නේ පස්සේ මම හිතන්නේ නෑ එතුමිය යම් තනතුරක් බලාගෙන කටයුතු කරන්නේ නැති බව එතුමිය ලිබරල් මතවාදය අති කෙනෙක් ඒ නිසා මම එතුමිට නැවතත් ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත ඇවිත් ශක්තිය දෙන්න කියා. එමෙ වුනොත් අපිට ජනාධිපතිවරු හතරදෙනෙක් ඉන්න ශක්තිමත් සන්ධානයකය් ගොඩනගන්නත් ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්නත් පුළුවන් වෙනවා.

මේ වෙලාවේ අපි නාම යෝජනා පිලිබඳව අපි ගැටළුවක් ඇති කර ගන්නේ නෑ.අපි දැනටමත් ජනාධිපපිතුමාට මේ ගැන දන්වා තිබෙනවා අපි පසුගියසතියෙත් මධ්‍යම කාරන සභා රැස්වීමක් පවත්වා ඒ ගැන සාකච්ඡාවක් කලා . අපි ඉදිරි දිනවලදී සන්ධානයේ නාම යෝජනවා මණ්ඩලයක් සකස් කරනවා ඒ අනුව ශ්‍රී ලංකා නිදහස්පක්ෂයටවත් සන්ධානයේ අනෙක් පක්ෂවලටවත් අසාදාරනයක් වෙයි කියා විශ්වාස කරන්නේ නෑ.අපි මේ ගැන ප්‍රශ්ණ ඇති නොකරගෙන මේ රට මේ රටේ ජනතාව ගැනහිතා රටට ආදරය කරන විශාලම සන්ධානය ගොඩනගන්න කටයුතු කරනවා.

පසුගිය මැතිවරණයේදී අපි එක නායකයෙක් ජය්‍රහහණය කිරීමටයි ඉදිරිපත් වුනේ . ඒ නිසා මෙතනින් ඉවත් වෙන්න අපි කටයුතු කරන්නේ නැති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපට පල නොකියා පලා බෙදනවා - කරන දේ දයාසිරි කියයි
අපට පල නොකියා පලා බෙදනවා - කරන දේ දයාසිරි කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpNsyjUc85buNpmQzgBgC0zeBfcwVYL6JK7QxFQLZx9qcitUMxnY_Bo7r4Lwhx8CI0cAeAIBkPnX8PRc3DV0PE2sfeJZ6hAsfG28Hq9JJmb7ukHj_U6BcRu9hUXNg9K8uBIAaqFQQ7Uxii/s320/dayasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpNsyjUc85buNpmQzgBgC0zeBfcwVYL6JK7QxFQLZx9qcitUMxnY_Bo7r4Lwhx8CI0cAeAIBkPnX8PRc3DV0PE2sfeJZ6hAsfG28Hq9JJmb7ukHj_U6BcRu9hUXNg9K8uBIAaqFQQ7Uxii/s72-c/dayasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy