පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුගේ හැසිරීම දැඩිව විවේචනය කල භික්ෂූන් වහන්සේලා වර්තමාන විදේශ අමාත්‍යවරයා ජිනීවා හි ම...

පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරුගේ හැසිරීම දැඩිව විවේචනය කල භික්ෂූන් වහන්සේලා වර්තමාන විදේශ අමාත්‍යවරයා ජිනීවා හි මානව හිමිකම් කොමිසම අමතමින් “ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් ,බහු ආගමික රටක්” වශයෙන් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් සහ රටේ සම්පත් විදේශ රටවලට සින්නක්කරව විකිණීමේදි නිශ්ශබ්දව සිටීම රාජපක්ෂ පාලනය කෙරෙහි උන්වහන්සේලා තුල ඇති බියේ ප්‍රතිපලයක් බව හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්දික බණ්ඩාර මහතා ප්‍රකාශ කලා.
“වර්තමාන ආණ්ඩුව අපේ රටේ ඉඩම් සින්නක්කරව විකුණලා තියනවා මේ කෙටිකාලය ඇතුලත. අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඇයි කතා කරන්නේ නැත්තේ..? ඇයි කතෝලික පියතුමන්ලා කතා කරන්නේ නැත්තේ..? ඇයි මේ අනෙකුත් සංවිධාන කතා කරන්නේ නැත්තේ..?
බිය හින්දා. මොකද රාජපක්ෂවරු ඒ සියලු දෙනාවම බය කරගෙන හිර කරගෙන ඉන්න නිසා” යනුවෙන් එහිදී ඉන්දික බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.
COMMENTS