සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් තවමත් සන්ධානයක් බිහිකර නොමැති බවත් දේශපාලන පක්ෂයක් මුදලට මිලදීගෙන එහි තනතුරු වෙනස් කිරීම පමණක් සිදු...
සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් තවමත් සන්ධානයක් බිහිකර නොමැති බවත් දේශපාලන පක්ෂයක් මුදලට මිලදීගෙන එහි තනතුරු වෙනස් කිරීම පමණක් සිදුකර ඇති බවත් එක්සත් ජාතික පක්ෂ රනිල් පාර්ශ්වයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කරන්දෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"තව වෙනකල් සන්ධානයක් හදලා නෑ. දැනට කරලා තියෙන්නෙ දේශපාලන පක්ෂයක් සල්ලිවලට අරගෙන ඒ පක්ෂෙ සභාපතිව අස්කරලා ඒකෙ අපෙ එක්කෙනෙක් සභාපතිවෙලා, ඒකෙ මහලේකම් අස්වෙලා අපෙ එක්කෙනෙක් මහලේකම්වෙලා, තව දේශපාලන පක්ෂවල කීපදෙනෙක් ඒකෙ තනතුරු අරගෙන, දේශපාලන පක්ෂයක් හදලා අපට කියනවා ඒකට එන්න කියලා. එහෙම යන්න පුළුවන්යැයි ? හිතුවද අහිකුණ්ඨික තැනක් කියලා එක්සත් ජාතික පක්ෂය ? අම්බලන්වල හිටපු අය යුනයිටඩ් නැශනල් පාටි එකෙන් නොමිනේශන් දීලා අලියාගෙන් ඉල්ලලා තමයි පාර්ලිමේන්තු ගියේ. එතකොට අම්බලන්වල හිටපු අයටත් පාර කපපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. දැන් අපේ අය කවුරුහරි හිතනවා නම් අපට අම්බලමකට යන්න කියලා, ඒක කොරන්න බෑ ! මේ පක්ෂය දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙන්නෙ අලියා ලකුණ යටතේ. වෙන මළකුණු යටතේ නියෝජනය කරලා නෑ එජාපය. එක එක්කෙනාට ඕනෙ විදියට මේ දේශපාලන පක්ෂය විනාශ කරන්න දෙන්න බෑ"
COMMENTS