එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් ඔවුන් මෝඩයන් බව පැවසුවේ හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාම බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමස...
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ නිවුස් වෙබ්අඩවියක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.
එහෙයින් පක්ෂය හැර දමා වෙනත් පක්ෂ අටවා ගත් තැනැත්තන් පිළිබඳව කතා කිරීම පලක් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.
මීට පෙරද මෙලෙසම කණ්ඩායම් පක්ෂය හැර දමා ගියද නැවත ඔවුන්ට පක්ෂයට එකතුවීමට සිදු වූ අතර එම කිසිදු අවස්ථාවක පක්ෂයට හානියක් නොවුණු බවද වික්‍රමසිංහ මහතා කියාසිටියි.
එහෙයින් ගිය තැනැත්තන් සම්බන්ධයෙන් ගැටළුවක් නොවන බවත් දැන් ඩී.එස්. සේනානායක සමයේ පැවති පිරිසිදු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගිය හැකි බවත් ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම ඉදිරියට සිය පක්ෂයට මුස්ලිම් කොංග්‍රසයේ හෝ දෙමළ ජාතික සන්ධානයේ හෝ වෙනත් පක්ෂවල සහය අවශ්‍ය නොවන අතර එක්සත් ජාතික පක්ෂයෙන්ම සෙසු ජාතික නියෝජනයද ගොඩනගන බව එජාප නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
COMMENTS