ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා “බයිපාස් හෝ ස්ටෙන්ට් සැත්කමකට” භාජනය විය යුතු බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ...
ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා “බයිපාස් හෝ ස්ටෙන්ට් සැත්කමකට” භාජනය විය යුතු බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටී. බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
වැඩිදුරටත් බෙල්ලන මහතා මේසේද පවසා තිබිණි.
“මම මුල් ම දවසෙත් කිව්වා දවස් තුන හතරක් ඉන්න වෙනවා කියලා එයාට ICU එකේ. එතකොට මම කිව්වා උසාවි යන්න වෙන එක කරන්න විදිහක් නැති වේවි කියලා. ඉතින් දැන් ඒක එහෙමම වුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුණේ ඒක,” ඔහු පැවසීය.
තවදුරටත් ඔහුගේ සෞඛ්‍ය ගැන අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා;
“එතකොට මේ සංකූලතා ඇති වෙන්නේ නැහැනේ හැමෝම විජලනය වෙච්ච පළියට. හේතුව බැලුවා ම 80%ක බ්ලොක්ස් තියෙනවා. අපි දීර්ඝව විස්තර කරන්න හොඳ නැහැ ශරීර සෞඛ්‍යය ගැන.
ඒ දුර්වලතා නිසා ඔහු දැඩිසත්කාර ඒකකයේ ඉන්නවා. විජලන තත්ත්වයෙන් මිදීමට දවස් තුන හතරක් යාවි කියලා මම මුලදී ම කිව්වා. ඒ වගේ ම ඒ තත්ත්වය පහව ගියාට පස්සේ, ඔහුට දැන් ඇප ලැබිලා හින්දා ඔහුට පුළුවන්කම තියෙනවා ශල්‍යකර්මයකට යොමු වෙන්න සැලසුම් කරලා.”
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, හිටපු ජනාධිපතිවරයා “බයිපාස් හෝ ස්ටෙන්ට් සැත්කමකට” භාජනය විය යුතු බව යි.
“එතකොට ඔහුට ඉක්මන් සැත්කමක් කළ යුතුයි. ඒකට ඔහුට, දැන් ඇප ලැබිලා හින්දා කැමති රෝහලක් තෝරා ගත හැකියි. මගේ පෞද්ගලික මතය ඔහුව කෙලින් ම පෞද්ගලික රෝහලකට ගිහිල්ලා සැත්කමකට භාජනය වුණා නම් හරි.
මොකද අපේ සැත්කමක් කරනවා නම් අවුරුදු 3ක පොරොත්තු ලේඛනයක සිටීමට ඔහුට සිද්ධ වෙනවා [බයිපාස් සැත්කමක් සඳහා.
ඇන්ජියෝ ස්ටෙන්ටින් එකක් කරන්න අවුරුදු එකහමාරක් වගේ ඉන්න සිද්ධ වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු අනුව වික්‍රමසිංහ මහතාගේ “හෘදය වස්තුවේ ධමනි තුනක් අවහිර වී” ඇති බව වාර්තා විය.
ඇප මත මුදා හැරුණ ද හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
COMMENTS