ප සුගිය රජය සමයේ හිටපු ඇමතිවරයකු රන්ජන් රාමනායක මහතාගෙන් තමනට නඩු කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වූ බව දැනට ඇඹිලිපියට මහාධිකරණ විනිසුරු ලෙස කට...
පසුගිය රජය සමයේ හිටපු ඇමතිවරයකු රන්ජන් රාමනායක මහතාගෙන් තමනට නඩු කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වූ බව දැනට ඇඹිලිපියට මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය මහතා සඳහන් කරයි. ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදුකරන ලද පැමිණිල්ලක මේ බව දැක්වෙයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වශයෙන් තමන් රාජකාරි කළ කාලසීමාව තුළ අධිකරණයේ විභාග වූ සංකීර්ණ හා ආන්දෝලනාත්මක නඩු රාශියකට හිටපු ඇමැති රංජන් රාමනායක මහතාගෙන් විවිධ බලපෑම් එල්ල වූ බව ඔහු පැමිණිල්ලෙන් කියා සිටී.
ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා බස්නායක පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පවරා තිබේ.
දැනටමත් එකී පැමිණිල්ල සම්බන්ධයෙන් පුද්ගලයන් 09 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.
පැමිණිලිකාර විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් ද ඒ ගැන ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
චූදිත රන්ජන් රාමනායක මන්ත‍්‍රිවරයා මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS