දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කොරෝනා සඳහා ගෙන ඇති ආරක්‍ෂණ කි‍්‍රයාවලිය ප‍්‍රමාණවත් නෑ - අනුර කුමාර

කොරෝනා වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා ආණ්ඩුව පළමුව කළ යුත්තේ ගුවන්තොටපොළ හරහා රට තුළට ඇතුළුවන රෝගීන් හඳුනා ගැනීම සඳහා දියුණු තාක්‍ෂ...

කොරෝනා සඳහා ගෙන ඇති ආරක්‍ෂණ කි‍්‍රයාවලිය ප‍්‍රමාණවත් නෑ - අනුර කුමාර

කොරෝනා වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා ආණ්ඩුව පළමුව කළ යුත්තේ ගුවන්තොටපොළ හරහා රට තුළට ඇතුළුවන රෝගීන් හඳුනා ගැනීම සඳහා දියුණු තාක්‍ෂණික උපකරණ සහිත ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"මේ වනවිට කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධයෙන්ද රටේ ආන්දෝලනයක් මතුවී තිබෙනවා. අපේ රට දුපතක් වීම නිසා මෙවැනි ආකාරයේ රෝගී තත්ත්වයන් රටට ඇතුල්වීම පාලනය කිරීම පහසුයි. එහිදී ප‍්‍රමුඛව කළ හැක්කේ ගුවන් තොටුපොළ මගින් රටට රෝගීන් ඇතුළුවීම වැලැක්වීමයි. සාමාන්‍යයෙන් අප වැනි රටකට නැව් මගින් ගමනාගමනය අඩුයි. ගුවන්තොටුපොළ හරහා එන මගීන් හඳුනා ගන්න සිදුකරන පරීක්‍ෂණ කි‍්‍රයාවලිය විධිමත් කළ යුතුයි. දැනට තිබෙන පරීක්‍ෂණ ක‍්‍රියාවලිය ප‍්‍රමාණවත් නොවන බව බොහෝ දෙනාගේ මතයයි. එම නිසා ආණ්ඩුව පළමුව කළ යුත්තේ ගුවන්තොටපොළ හරහා රට තුළට ඇතුළුවන රෝගීන් හඳුනා ගැනීම සඳහා දියුණු තාක්‍ෂණික උපකරණ සහිත ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමයි. ඒ වගේම මෙම පරීක්‍ෂණ සඳහා මැදිහත්වන සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඇතිවන අපහසුතාවයන් සැලකිල්ලට ලක් කරමින් ඔවුන්ගේ ආරක්‍ෂණ කි‍්‍රයාවලිය දැඩිකළ යුතුව තිබෙනවා. මේ වනවිට කි‍්‍රයාත්මක වන ආරක්‍ෂණ කි‍්‍රයාවලිය ප‍්‍රමාණවත් නොවන බව අපිටද දැනගන්නට ලැබී තිබෙනවා.

"ඒ වගේම ජනතාව සඳහා එම වයිරසයෙන් වැළැක්වීමට භාවිත කරන මුඛ ආවරණ හිඟයක්ද, ඒවා ඉතා අධික මිල ගණන් යටතේ විකිණෙන බවද වාර්තා වෙලා තිබෙනවා. එම නිසා මෙම මුඛ ආවරණ සඳහා නිශ්චිත මිලක් නියම කිරීම ආණඩුව විසින් කළ යුතු වෙනවා. ඒ වගේම එම මුඛ ආවරණවල ගුණාත්මකභාවය පිළිබඳව ආණ්ඩුව සහතිකයක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ වගේම මෙම වයිරසය විශාල ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබෙනවා නම් ජනතාවට එම මුඛ ආවරණ නොමිලේ ලබාදීමට කටයුතු කළ යුතු වෙනවා. එමෙන්ම මෙවැනි ව්‍යසනයකදී විෂය දැනුමක් ඇති පළපුරුද්දක් ඇති විශේෂඥ දැනුම ඇති විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ආණ්ඩුව කටයුතු කළ යුතු වෙනවා. මොකද මෙවැනි අවස්ථාවකදී දේශපාලකයින්ට වඩා මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ විශේෂඥ ඥානය තිබෙන පුද්ගලයින් විසිනුයි. එසේ නොමැතිව ජනපි‍්‍රය වීමට උත්සාහ කරන දේශපාලකයින්ගේ ජනපි‍්‍රය කථාවලින් වැඩක් වන්නේ නැහැ."

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා සඳහා ගෙන ඇති ආරක්‍ෂණ කි‍්‍රයාවලිය ප‍්‍රමාණවත් නෑ - අනුර කුමාර
කොරෝනා සඳහා ගෙන ඇති ආරක්‍ෂණ කි‍්‍රයාවලිය ප‍්‍රමාණවත් නෑ - අනුර කුමාර
http://am.lk/media/k2/items/cache/4004345d9fab041e874207320bcd5488_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_527.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_527.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy