යුධ සමයේ ශී‍්‍ර ලංකාවේ සිදුවු අපරාධ හා පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත්වි සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් හිටපු ...
ඒ, ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති සමුළුවකදීයි. ඔහු පවසා ඇත්තේ ජාත්‍යන්තරයේ සියළු රටවල් එක්ව යුධ සමයේ මෙරට සිදුවු අපරාධ සම්බන්ධයෙන් සාධරණ පරීක්ෂණයක් පවත්වා යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටු කර දිය යුතු බවයි.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තරයේ ජිවත්වන දෙමළ ජනතාව සියළුදෙනා එක්විය යුතු බවටද විග්නේශ්වරන් එහිදි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර සංචාරයකට එක්ව සිටින උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන්, දකුණු ඉන්දීය සුප‍්‍රකට නළු රජිනි කාන්ත් සමඟ ද සාකච්ජාවක් පවත්වා ඇතැයි සඳහන්.
එහිදී රජිනිකාන්ත් පවසා ඇත්තේ උතුරු පළාතේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාතේ සංචාරයකට එක්වීමට කැමැත්තෙන් පසුවන බවයි.
COMMENTS