දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගානියාට පහර දීමක්, ලිංගික අතවරයක් වෙලා නෑ... මානසික ආබාධයකුත් නෑ... විමර්ශනවලින් පසු නඩු !
Homeප්‍රවෘත්ති

ගානියාට පහර දීමක්, ලිංගික අතවරයක් වෙලා නෑ... මානසික ආබාධයකුත් නෑ... විමර්ශනවලින් පසු නඩු !

PropellerAds

කො ළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නමැති ශී‍්‍ර ලාංකීය නිලධාරිනියට පසුගිය නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්...

මොන බාධා දැම්මත් මහවිරු උත්සව උතුරේ පවත්වනවා…
SM රන්ජිත් හා SM චන්ද‍්‍රසේන බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන්.. අධිකරණයේ නඩු..
තවත් ගෘහස්ත ගෑස් ටැංකියක් නිසා පිපිරීමක්! (video)
කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නමැති ශී‍්‍ර ලාංකීය නිලධාරිනියට පසුගිය නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කිසිදු පහරදීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදුවී නැති බව ඉදිරිපත් වූ වෛද්‍ය  වාර්තා අනුව පැහැදිලි වන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ඊයේ (30 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
එම සැකකාරිය කිසිදු මානසික ආබාධයකින් නොපෙළෙන බවත් ඇය පරීක්‍ෂා කළ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලය විසින් ලබාදුන් වෛද්‍ය වාර්තා අනුව පැහැදිලි වන බවද ජනක බණ්ඩාර මහතා පැවසීය.

ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා, සී. සී. ටී. වී. දර්ශන හා එම සැකකාරිය ගමන් කළ ටැක්සි රථවල රියැදුරන් ලබාදුන් ප‍්‍රකාශ හා පරිවේෂණීය සාක්‍ෂි අනුව පැහැර ගැනීමට අදාළව කර ඇති පැමිණිල්ල සම්පූර්ණයෙන්ම ඇය විසින් ගොතන ලද කතාන්දරයක් බව පැහැදිලි වන බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට පැවසීය.

එබැවින් රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව හා දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන අවසන් වූ වහාම එම නිලධාරිනියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේය.

ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වෙන ආකාරයෙන් කටයුතු කිරීම සහ යම් නීතිමය කරුණකදී සාක්‍ෂියක් ලෙස උපයෝගී කර ගැනීමේ අදහසින් වංක ලෙස කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ එම සැකකාරියට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් කීය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර උප පොලිස් පරීක්‍ෂක හේමන්ත, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අංක 3 විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රවින්ද්‍ර විමලසිරි, සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ අමිල එගොඩවත්ත, නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සැකකාර ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටියහ.

මෙහිදී ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැත්තිය දැඩි ඇප කොන්දේසි පනවා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (30 දා) නියෝග කළාය.

ඇප ලබාගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් දැනුම් දුන් විටෙක ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසටත් එලෙස සහාය ලබා නොදුන් බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බවටත් තරයේ අවවාද කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කළාය.

මේ වන විට පදිංචි මාළිගාකන්ද නිවාස සංකීර්ණයේ පිහිටි නිවස හැර වෙනත් ස්ථානයක පදිංචියට යන්නේ නම් ඒ බව අධිකරණයට වාර්තා කළ යුතු බවට ද සැකකාරියට කොන්දේසියක් පැනවූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඇයගේ පදිංචිය සනාථ කිරීම සඳහා ග‍්‍රාම නිලධාරි සහතිකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළාය.

නඩුව ලබන 09 වැනිදා යළි කැඳවීමට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගානියාට පහර දීමක්, ලිංගික අතවරයක් වෙලා නෑ... මානසික ආබාධයකුත් නෑ... විමර්ශනවලින් පසු නඩු !
ගානියාට පහර දීමක්, ලිංගික අතවරයක් වෙලා නෑ... මානසික ආබාධයකුත් නෑ... විමර්ශනවලින් පසු නඩු !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBy5zSPI-GTac_BboXTR1-1dH8hI13Vx0zGwj77bhHQ99-7LOr2Q9mP8q7gMvlbqRHWtw7tyWwJvqG-JidF5NtIw2hcpA9mF2EnL91L6XnyeTTutQPefJx4romIx4cmQVLFTGP1nE7W2l6/s320/ganiya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBy5zSPI-GTac_BboXTR1-1dH8hI13Vx0zGwj77bhHQ99-7LOr2Q9mP8q7gMvlbqRHWtw7tyWwJvqG-JidF5NtIw2hcpA9mF2EnL91L6XnyeTTutQPefJx4romIx4cmQVLFTGP1nE7W2l6/s72-c/ganiya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_304.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_304.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy