“අපි ඔක්කොම සියලු වාද භේද දුරැලා එකාවගේ බැහැලා වැඩ කරගන්නවා නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරවීම අසීරු කරුණක් නොවේ. ඉදි...
පිටකෝට්ටේ ‘සිරිකොත’ එජාප මූලස්ථානයේදී ඊයේ (16දා) කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත කණ්ඩායම තමන් හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළ කළ වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසුවේය.
“හැම පක්ෂයක්ම පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය සඳහා කටයුතු කරනවා. අපි පක්ෂයක් ලෙස සියලුදෙනා එකට එකතුවෙලා බැහැලා වැඩ කළොත් අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.
පසුගිය ජනාධිපතිවරණයේදී අපි සමීක්ෂණ තුන හතරක් තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ එහිදී ඉදිරියෙන් සිටින බව අනාවරණය වුණා. එංගලන්තයේ පැවැති මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරේ කොන්සවේටිව් පක්ෂය සිදුකළ සමීක්ෂණවලින් හෙළි වූ අඩුපාඩු ඒ අය නිවැරැදි කරගත්තා. ඒ නිසා වැඩිපුර ආසන 80කට අධික ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණා.
මහ සංඝරත්නය නැතිව අපට ඉදිරියට යන්න බැහැ. මධ්‍යම පන්තිය නැතිවත්, තරුණ ප්‍රජාවගෙන් බැහැරවත්, අපට ඉදිරියට යන්න බැහැ. මෙතැන පක්ෂය අතර නොව පුද්ගලයන් අතරයි ප්‍රශ්න ඇතිකරගෙන තිබෙන්නේ. අපට පුද්ගලයන් වශයෙන් තනි තනිව තීරණ ගන්න බැහැ. මහ සංඝරත්නයට ප්‍රමුඛත්වය දී උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත අපට ජයග්‍රහණය කරා යා හැකියි.
අපේ ආණ්ඩුව පසුගිය කාලයේ විශාල මෙහෙවරක් ජනතාව වෙනුවෙන් කළා. පක්ෂයට අලුත් මුහුණුවරක් ලබාදී නව නායක පෙළැන්තියක් අපි ඇති කරන්න ඕනෑ. ඒ 2025 වනතුරු බලා ඉන්න ඕනෑ නැහැ. මම හැමදාම මෙතැන ඉන්නේ නැහැ. පක්ෂය ප්‍රතිසංස්කරණයට අදාළ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පක්ෂයේ නීති අංශයට උපදෙස් දී තිබෙනවා. අපට නොව ජනතාවට පක්ෂය ජයග්‍රහණය කරදී ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට එක්ව අත්වැල් බැඳගෙන වැඩ කරමු.”
උපතිස්ස පෙරේරා

COMMENTS