පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවස...
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී කථානායකවරයාව දැනුවත් කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් වත්මන් රජය එම සම්ප්‍රදායට ගරු නොකර විනය ගරුක රටක් හදන බව ප්‍රකාශ කරන බවත් ඒ මහතා පැවසීය.
එසේම අවසන වී ඇති නඩුවක් නැවත පරීක්ෂණයට ලක් කිරීමේ කිසිදු ගැටලුවක් නැති නමුත් ඒ සඳහා යොදා ගතයුතු නිසි ක්‍රමවේදයෙන් තොරව දේශපාලන පළිගැනීමක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුවු බවත් මුජිබර් රහුමන් මහතා පැවසීය.
COMMENTS