ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හරි දේ කිරීමට හැකිවේද යන්න තමාට සැක සහිත බවත් මන්ද වටා සිටින්නේ පරණ අයම බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හරි දේ කිරීමට හැකිවේද යන්න තමාට සැක සහිත බවත් මන්ද වටා සිටින්නේ පරණ අයම බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග පවසනවා.
රණතුංග මහතා මේ බව පැවසුවේ වරපලාන ශ‍්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ අඩු පාඩු සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවකදී මාධ්‍යවේදීන් අමතමින්.
රණතුංග මහතා මෙසේද පැවසුවා:
මට එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනා කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට බැදෙන්න කියලා. ආසනයක් ගන්නත් කියලා තියෙනවා. මම මෙතන්ට අවේ හිටපු අගමැති තුමා ඉල්ලීමක් කරලා තිබුනා මහර ආසනය හදන්න කියලා. මම බලාපොරොත්තු වෙනවා මම ගන්න ඕනැම ආසනයක් එක්ක වැඩ කරන්න. ඒ ආසන වලට ගිහිල්ලා අපේ පාක්ශිකයො විතරක් නොවෙයි අනෙකුත් පාක්ශිකයොත් එක් කර ගෙන රටට හොද වන දේවල් අළුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න.
ඕනැම කෙනෙක් සම්බන්ධව පරීක්ෂණ පැවත්වූවාට කමක් නෑ. අපිට අද පේනවා ආණ්ඩුව විශාල වශයෙන් රජයේ ආයතනවල පලි ගැනීම් කරගෙන යනවා. මේක අළුත් දෙයක් නොවෙයි. රාජපක්ෂ ආණ්ඩු වල මේක නිතරම සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මම මේකට පුදුම වෙන්නේ නෑ. අවුරුදු 5 ක අපේ ආණ්ඩුව කාලේ අපි මේවා සිද්ධ වෙන්න දුන්නෙ නෑ. මම අමාත්‍යංශ තුනක් පාලනය කළා. ඒ අමාත්‍යංශ තුනේමත් ආයතන ඇතුලෙත් දේශපාලනය කරන්න දුන්නෙ නෑ. ඒ නිසා තමයි ඒ ආයතනදියුණු වුනේ. ඒ ආයතන ලාබ ලබන්න පුළුවන් වුනේ.
හැබැයි අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මේක මහජනතාව තේරුම් ගන්න ඕනැ. මහජනතාවට අපි කරපු හොද දේවලවල ඉතාමත් කෙටි කාලෙකින් අමතක වෙනවා. හැබැයි මේ දේවල් පේන කොට මිනිස්සුන්ගේ මනස වෙනස් වෙලා ඉදිරියෙදි ඒ ගොල්ලො තීරණ ගනි.
අවුරුදු පහක අපි හොද ආණ්ඩුවක් හදලා. අපේ තිබුණ වැරදි හදාගෙන අපි ඉස්සරහට ගියා. අපි දේශපාලන පලිගැනීම් කරන්න ගියෙ නෑ. හුගක්ම කලේ පරීක්ෂණ කරන එක. හරියට කලාද නැද්ද කියන එක මට ප‍්‍රශ්ණයක් තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් විශාල සංවර්ධනයක් කලා මේ රටට. ඒ වගේම අපිට බයක් නැතිව ඕනැම කෙනෙකුට ජීවත්වීමේ අයිතිවාසිකම අපි ලබා දීලා තියෙනවා. අද ඒවා නැති වෙලා තියෙනවා.
රිදෙනකොට මනුෂ්‍යයින්ට තේරෙයි අපි ඉන්න කාලේ මේ රටේ මොනවගේ දේවල්ද සිද්ධ වුනේ, දැන් මොනවද සිද්ධ වෙන්නේ කියලා.තේරෙන්නේ විදපුවහම. අවුරුදු පහක් කිසිම ප‍්‍රශ්ණයක් නැතිව ඉදලා ප‍්‍රශ්ණ එන කොට තමයි මනුෂ්‍යයින්ට තේරෙන්නේ.
දැන් බඩු මිල වැඩි වෙලා තියෙනවා. දැන් ඕකට හරියට කෑ ගැහුවා. අපි ඒවා ගැන හුගක් සාකච්ජා කලා. අපි පුදුම සහන ලබලා දීලා තියෙනවා.අපි ගෑස් මිල රුපියල් එක්දහස් ගානකින් අඩු කරලා තියෙනවා. පෙට්රල් මිල අඩු කරලා තියෙනවා. අද වන විට ආහාර මිල ඉහළයි.
අපි දෙනවා කියපු ඒවා නවත්වලා තියෙනවා. දැන් මිනිස්සු තේරුම් ගන්න ඕනෑ මොකක්ද කියන එක. මේවා රජයක් හැටියට අපි ඔවා අපි හොයලා බලලා දීලා තියෙන්නේ. විශේෂයෙන් රජයේ සේවකයින්ට අපි හිටපු අවුරුදු පහේ තරම් පඩි වැඩි වෙලා ඒ වගේම අනෙකුත් දීමනා වැඩිවෙච්ච කාලයක් තිබුනේ නෑ.
මම දන්නේ නෑ ගෝඨාභය ජනාධිපතිතුමාට හරි දේ කරන්න පුළුවන්ද කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අළුත් ක‍්‍රමවේදයක් හදන්න හැදුවත් වටේ ඉන්නේ පරණම කට්ටියනේ. අළුත් කවුරුවත් තවම නෑනේ. ඉතින් එතුමාට මේක කරන්න පුළුවන්ද කියලා ප‍්‍රශ්ණයක් අපිට තියෙනවා.
අණ්ඩුවට අපි ඉන්න කාලේ සල්ලි තිබුනා. අපි ආණ්ඩුව කරගෙන ගියානේ.අපි දීමනා දුන්නා. අපි පඩි වැඩි කලා. මං හිතන්නේ ගම්පෙරළියෙන් සිදුවුන සංවර්ධනය මේ කොහේවත් රටේ වෙච්ච නැති සංවර්ධනයක් කලා. අපි ආයතනවල පරිපාලනය, මූල්‍යමය කටයුතු හොදින් සිදු කලා. පරිස්සමින් විය හියදම් කලා.අපි ටික කාලයක් දෙමු ඒ ගොල්ලන්ටත් දුවන්න.
නිට්ටඹුව මනෝජ් පතිරණ

COMMENTS