යු ද්ධය ඉවර වෙලා වසර 5ක් ගතවීත් මහින්ද රාජපක්ෂ රජය රණවිරුවන්ට කළ දෙයක් නැති බවත් එම රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳන්න වූයේ මේ රජයට යැයිද, තමන්ගේ ...
යුද්ධය ඉවර වෙලා වසර 5ක් ගතවීත් මහින්ද රාජපක්ෂ රජය රණවිරුවන්ට කළ දෙයක් නැති බවත් එම රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳන්න වූයේ මේ රජයට යැයිද, තමන්ගේ පියා ජනපති වී සිටියදීත් එම තාත්තාගේ බලය අරගෙන හැසිරුණේ නැති සජිත් ප්‍රේමදාස ජනතාව අතරට යන්න තෝරා ගත්තේ කොළඹ අතහැර හම්බන්තොට නම් අෑත දුෂ්කර ජන දුක නිවීමේ සටන බවත් අමතක නොකළ යුතු බව අධිකරණ ඇමැතිනි නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය, මෙසේද සඳහන් කළාය.
“අගෝස්තු 11 වැනිදා පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කළා. අපේ අපේක්ෂකයා නම් කළේ ඊට මාස දෙකකට පස්සේ. අද වන විට මාසයයි. ජන ගංගාව සජිත් මහත්තයා ජනාධිපති කරලා ඉවරයි. අපි දන්නවා සජිත් ප්‍රේමදාස තරුණ නායකයා තමන්ගේ තාත්තා ජනාධිපති වෙලා ඉද්දී ජනාධිපති වරප්‍රසාද පාවිච්චි කළේ නැහැ. එයාට පුළුවන්කමක් තිබුණා මහනුවර දළදා මාලිගාව ඉස්සරහා රේස් පදින්න , රුසියාවේ නාට්‍යාංගනාවියෝ ගෙන්වන්න පුළුවන් කමක් තිබුණා. තාත්තාගේ මැද කොළඹ ආසනය තියෙද්දී තාත්තා නැති වුණායින් පස්සේ ගියේ මේ රටේ දුප්පත්ම දිස්ත්‍රික්කයටයි. හම්බන්තොටට ගිහිල්ලා ඒ පළාතේ දරුවන්ට පෙර පාසල් ගොඩනැඟිලි හැදුවා. සසුනට අරුණ ක්‍රියාත්මක කළා. පාසල් ගොඩනැඟිලි හැදුවා.”

COMMENTS