බෙ රලපනාතර නගරයේදී සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් 45 හැවිරිදි දෙදරු පියා අතුරුග...
බෙරලපනාතර නගරයේදී සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් 45 හැවිරිදි දෙදරු පියා අතුරුගිරිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයක සඟවා සිටියදී (20) සොයාගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.
ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් විසින් නවීන තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් (20) අතුරුගිරිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් අනතුරුව පැහැර ගත් පුද්ගලයා සොයාගැනීම මෙන්ම මෙම පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සහ එයට භාවිතා කළ වෑන් රථ දෙකින් එකක් ද පොලිස් අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
පැහැර ගැනීමට ලක්ව සිටි සුරංග ලක්මාල් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට යොමුකොට ඇත. මෙසේ පැහැරගැනීමට ලක්ව සිටි දෙව්ලියද්ද පාර , බෙරලපනාතර ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමූපාකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නිලධාරියෙකු ලෙස කටයුතු කරන්නෙකි.
ඔහු සිය දරුවන් දෙදෙනා පාසල වෙත ඇරලවා නිවසට යමින් සිටියදි පැහැර ගැනීමට ලක්ව තිබුණේ ඉදිරිපස අංක තහඩු නොමැති සුදු වෑන් දෙකකිනි.
පොලිසිය නොමග යැවීමට පැහැර ගැනීමෙන් අනතුරුව එක් වෑන් රථයක් ඌරුබොක්ක දෙස සිට කොටපොල දෙසටත්, අනෙක් වෑන් රථය කොටපොල දෙස සිට ඌරුබොක්ක දෙසටත් ධාවනය වී ඇති බව මූලික පොලිස් විමර්ශණ වලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
– මොරවක ප්‍රියංක ගමගේ

COMMENTS