දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘මම සිංහල බෞද්ධයෙක්’ කියමින් කිරුළපන අන්‍යාගමික සිද්ධස්ථානවලට බඩගාන නායකයෙක් එපා - විමල්
Homeප්‍රවෘත්ති

‘මම සිංහල බෞද්ධයෙක්’ කියමින් කිරුළපන අන්‍යාගමික සිද්ධස්ථානවලට බඩගාන නායකයෙක් එපා - විමල්

PropellerAds

අ ද මේ රටට උවමනා නුවණක්කාර, එමෙන්ම රටවැසියා ඇසක් මෙන් රැක බලාගන්නා නායකයකු මිස පැය 24ම නොනිදා සිටින මොලේ නොමැති නායකයකු නොවන බව ජාතික නිදහස...

තෙවරප්පෙරුම පුද්ගලයකුගේ අත කැඩෙන්න සවලකින් ගහයි !
update : IDH රෝහලෙන් පැන්න ආසාදිතයා කොළඹ ජාතික රෝහලින් අල්ලයි - (video)
හැකිතාක් ගමන් බිමන් සීමා කරන්න.. පොලිසිය සියළු ජනතාවට දන්වයි !
ද මේ රටට උවමනා නුවණක්කාර, එමෙන්ම රටවැසියා ඇසක් මෙන් රැක බලාගන්නා නායකයකු මිස පැය 24ම නොනිදා සිටින මොලේ නොමැති නායකයකු නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ජානිපෙ තුන්වැනි ජාතික මහා සමුළුවේදී සිය දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.

“මෙතැනට අද පැමිණ සිටින්නේ ඓතිහාසික බලවේගයක් නියෝජනය කරන පිරිසක්. එදා චෝල, පාණ්ඩ්‍ය, කේරල ආක්‍රමණ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ එන විට ඒ සෑම ආක්‍රමණයක් හමුවේම දණින් නොවැටී මේ පුණ්‍යභූමියට නැවත ජීවය පිඹින්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු ඒ අතීත මානව බලවේගයේ නූතන මගමානවක පරපුර ඔබයි. ඔබලා මේ මව් පොළොවට අනතුරක් පැමිණියාම එම අනතුරින් එය මුදවා ගැනීමට සටන් වැදුණු මිනිස්සු.

ඒ විතරක් නොවෙයි ඔබලා 2004දී මහ මැතිවරණයක් ලබාගෙන ඒ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු, ඉන්පසු 2005 ජනාධිපතිවරණයෙන් මේ සතුරු බලමුළු පැරදවීම වෙනුවෙන් එඩිතරව පෙනී හිටපු මිනිස්සු. ඔබලාගේ කැපවීම එතැනින් නතර වෙන්නේ නැහැ. 2015-01-08 වැනිදා මේ මව් පොළොව අසරණ වනකොට, රටට, දැයට ආදරය කරන මිනිසුන්ගේ හදවත් පිළිස්සී යනකොට, ඒ පිළිස්සුණු හදවත්වලට ජීවය දෙමින් 2015-02-18 වැනිදා නුගේගොඩ කඳවුරු බැඳ ගත් මිනිස්සු වෙන කිසිවකුත් නොවෙයි, අද මේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අතුරුසිදුරු නැතිව පිරී සිටින ඔබලායි.

ආදරණීය මිනිසුනි, ඔබ දන්නවා මේ මව් පොළොව අපේ ජීවිත කාලය තුළ වඩාත්ම අසරණ වූ මොහොත, මේ මොහොතයි කියා. මේ වෙලාව, ලක්මෑණියන් අපගේ ප්‍රශස්ත භූමිකාව ඉල්ලා සිටින වෙලාවයි. මේ පරගැති හවුල පලවා හැර මේ මව් පොළොව යළි නිවැරදි මාවතකට ගෙන යා හැකි පාලකයකු පත්කර ගැනීමේ හොඳම වෙලාව ද මේ වෙලාවයි.

පසුගිය අප්‍රේල් 21 වැනිදා මේ රටේ ජනතාව යළිත් භීතියට පත් වුණා. ඒ ‘සහරාන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත්’ සමඟයි. ඒ මෘග ප්‍රහාරය උවමනා වූයේ කාට ද? කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අභ්‍යන්තර ත්‍රස්තවාදී මෙවලමක් යොදාගෙන අපේ රට අස්ථාවර කිරීම නතර වුණා. එදා කොටි ත්‍රස්තවාදීන් පිටුපස හිටපු බලගතු විදේශ බලවේග ගැන අපි නොදන්නවා නොවෙයි. ඒ වගේම ඒ විදේශ බලවේග මේ රටට තවමත් කෙල හලනවා. මේ රට පිහිටා ඇත්තේ, ඉන්දියානු සාගරයේ බලවත්ම තැනයි. මේ මර්මස්ථානය කෙසේ හෝ තමන්ගේ ග්‍රහණයට ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බලවත් රටවල් උත්සාහ ගන්නේ රට අභ්‍යන්තරයට තමන්ගේ කූලී හේවායන් යොදවලයි. අපි ප්‍රභාකරන් අවසන් කළාට පසුව ඔවුන් සහරාන්ව මේ වැඬේට යොදා ගත්තා. මානව ආපදාවක් ඇති කොට එමගින් අප රට තුළට රිංගීම ඔවුන්ගේ අරමුණ. ඒකට තමයි වහබි අන්තවාදය ශක්තිමත් කළේ. පිටරටින් වහබි අන්තවාදීන්ට කළු සල්ලි ලැබෙන ආකාරයට මේ ආණ්ඩුව විදේශ විනිමය පනත සංශෝධනය කළා. ශරියා විශ්වවිද්‍යාලයට ප්‍රකෝටි ගණන් මුදල් ආපු බව මහ බැංකුවට සොයාගන්න බැරිවුණේ ඒ කළු සල්ලි පැමිණීම එහි අධීක්ෂණයෙන් තොරව සිදු කළ නිසයි.

ත්‍රස්තවාදයට වැඩෙන්න ඉඩ දීපු ආණ්ඩුවක්

රනිල් වික්‍රමසිංහ පමණක් නොවෙයි මේ ආණ්ඩුවේ සියලුදෙනා මේ ත්‍රස්තවාදයට වැඩෙන්න ඉඩ දීපු අය. ඒ කාටවත් වගකීමෙන් මිදෙන්න බැහැ. සහරාන්ලාගේ ත්‍රස්තවාදය පිළිබඳව බුද්ධි අංශ 97 වතාවක් අනතුරු හඟවලා තිබියදී තමයි මේ විපත සිදුවූයේ. මේ පාපී ආණ්ඩුවේ කොයි මුහුණත ඉදිරියට දැම්මත් වැඩෙන්නේ ත්‍රස්තවාදය මිස වෙන කිසිවක් නොවෙයි. පසුගියදා මම අනාවරණය කළා, විශාල බෑග් 6ක් සමඟ පැමිණි ඇමෙරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් හිල්ටන් හෝටලයේ දී එම බෑග් ස්කෑන් පරීක්ෂාවට ඉඩ නොදී කටයුතු කළ ආකාරය. අවසානයේ බෑග් පහක්ම පරීක්ෂාවට ඉඩ නොදී ඇමරිකානු තානාපති කාර්යාලයට අයත් ජීප් රථයකින් රැගෙන යනවා. ‘එහෙම සිදුවීමක් වුණා තමයි. එතැන සන්නිවේදනය පිළිබඳ ගැටලුවක් පමණයි තිබුණේ’ කියා මගේ ඉහත අනාවරණයෙන් පසුව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කොට තිබෙනවා. නමුත් ‘ඒ බෑග්වල තිබුණේ මොනවාද?’ කියා ඔවුන් සඟවනවා. ‘ඊළඟ සහරාන්ලාගේ බෝම්බ ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ඒවායේ තියෙන්නෙ බැරි නැද්ද?’ අද මේ රට බටහිර අධිරාජ්‍යවාදීන්ට ඕනෑම නැටුමක් නටන්න පුළුවන් පිළිකන්නක් බවට පත් කරලා ඉවරයි,

සජිත්ගේ හොඳම ගෝලයා ‘කුරුඳුපොලු’ මංගල

ජනාධිපතිවරණයේදී විශාල සමාජජාලා මාධ්‍ය වාරණයකට මංගල සමරවීරලා සූදානම් වෙනවා. තමන්ට අවාසිදායක යෙදුම් ෆේස්බුක් මගින් සංසරණය වන කොට ඒවා රිපෝට් කිරීම මගින් සංසරණය නවත්තන්න දැනටමත් එජාප කණ්ඩායම් හදලා තිබෙනවා. ‘මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි’ කියපු මේ ‘කුරුඳු පොලු මංගල’ තමයි සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සටනේ හොඳම ගෝලයා වී සිටින්නේ. මතක තබාගන්න මේ පිරිසට කිසිදා මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමට බැහැ. බලන්න අද සජිත් ප්‍රේමදාසගේ වේදිකාවෙන් ඉතා ආඩම්බරයෙන් කියන කතා දිහා. කුරුණෑගලදී ඇමති අශෝක අබේසිංහ ආඩම්බරයෙන් කියනවා, ‘රිෂාඞ් බදියුදීන් ඉන්නෙත් අපිත් එක්ක’ කියා.

රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ

අද මේ රටම ඉල්ලන්නේ ඒ රිෂාඞ්ලාගේ අන්තවාදයට එරෙහි කඳවුරක්. රිෂාඞ්ලාගේ අන්තවාදයට උඩගෙඩි දෙන ‘රනිල්-සජිත්-කරු’ කඳවුර මේ රටම ඉතාමත් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. අද පාට කන්නාඩි ගලවලා දමලා රටේ ඉදිරි ගමන වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ඒකට එකතු වෙලා තීන්දුවක් ගතයුතු අවස්ථාවක් උදාවෙලා තිබෙනවා. එදා 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට ගෙනාවේ එවකට පැවැති පරගැති හවුල පරදවා රටට සාමය ගෙන එන්නයි. අදත් මේ පරගැති හවුලෙන් රට බේරගන්න සියලු ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයි.

‘ගෝඨාභය – මහින්ද’ සුසංයෝගය

එදා මෙරට වෙළාගෙන තිබූ තිස් අවුරුදු යුද්ධයෙන් ජයග්‍රහණය ලබා ගත්තේ ‘මහින්ද – ගෝඨාභය සුසංයෝගයෙන්’. ඒ වගේම අද රට මුහුණපා ඇති විපතින් ගලවා ගතහැක්කේ ’ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන්’ පමණයි. රට ඉල්ලා සිටින ආරක්ෂාව, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ලබා දියහැක්කේ එම සුසංයෝගයෙන් පමණයි.

මේ රට හිඟන රටක් නොවෙයි…

අද අපේ මේ මව් පොළොව භීතිය උපදවන, රෝහල් ඇඳන් රෝගීන්ගෙන් පුරවන පොළොවක් බවට පත්ව තිබෙනවා. එතැනින් මේ රට එළියට ගන්න ඕනේ. ඒ සඳහා කොන්ද පණ තියෙන නායකයෙක් ඕනෑ. ‘මම ආවම නොමිලේ බනිස්, පාන්, කේජු දෙන්නම්’ කියන නායක පරඬැල් ඉන්නවා. මේ රටේ ජනතාව මේ විදිහට ඉල්ලන් කන්න හිඟන්නන් නොවෙයි. අපිට ආණ්ඩුවක් උවමනා ආණ්ඩුවටවත් අතනොපා ජීවත් විය හැකි අභිමානවත් මිනිසකු නිපදවන්නයි. මෙයාගේ තාත්තාගේ කාලයේ ආණ්ඩුවට අතපාන හිඟන්නන් හදන වැඩපිළිවෙළක් තිබුණා. මේ පුතා තවමත් දන්නෙ නැහැ ‘දැන් ඒ සියවස ඉවරයි, අපි පා තබා ඇත්තේ විසිඑක්වන සියවසට’ කියා. අද උවමනා මගේ රට ඇහැක් වගේ නොනිදා බලාගන්න නායකයෙක්. නොනිදා හිටියත් වැඩක් නැහැ, මොලේ නැත්නම්.

නුවණක්කාර නායකයෙක්

මට ඇහුනා, එහා පැත්තේ එක්කෙනා කියනවා, ‘මම උදේ 4.00ට නැගිටලා රෑ 12 වෙනකම් වැඩ කරනවා’ කියලා. දවස පුරාම ඇහැරලා හිටියත් වැඩක් නැහැ එයාට මොළයක් කියා දෙයක් නැත්නම්. අද මේ රටට උවමනා මොළෙත් තියෙන, නුවණක්කාර නායකයෙක්. මේ රට ධර්මය රැක්ක රටයි, ඒ ධර්මය විසින් වසර දහස් ගණනක් තිස්සේ මේ රට රැක දුන්නා. ඒ කරුණු වටහා ගත හැකි, අපේ බෞද්ධ සංස්කෘතික උරුමයන් මත පා තබා යන නායකයකු මිස ‘මම සිංහල බෞද්ධයෙක්’ යැයි කියමින් කිරුළපන අන්‍යාගමික සිද්ධස්ථානවලට බඩගාන නායකයෙක් නොවෙයි.

රටට නායකයකු උවමනා පාරේ රස්තියාදු ගහන්න ද?

මේ දවස්වල අර එක්කෙනා තවත් කතාවක් කියමින් යනවා, ‘මම ජනාධිපති වුණාම ජනාධිපති මන්දිරයේ හෝ මහනුවර මන්දිරයේ ඉන්නේ නැහැ. මම ඉන්නේ මහ පාරේ‘ කියා. පැය 24ම මහ පාරෙ ඉන්නෙ හිඟන්නන්, ට්‍රැෆික් රාළහාමිලා හෝ පදික වෙළෙන්ඳන්. දැන් මේ මහත්තයා හදන්නේ ජනාධිපති වෙලා, හිඟන්නකු, ට්‍රැෆික් රාළහාමි කෙනෙකු හෝ පදික වෙළෙන්දකුගේ වැඩ කරන්න ද? රටට නායකයකු උවමනා මහ පාරේ රස්තියාදු ගහන්න නෙවෙයි. මහ පාරේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත ඉහළට ඔසවා තබන්න.

බලයට එනකොට වත්මන් ජනාධිපතිවරයා කීවේ ‘පොලොන්නරුවෙ ඉන්නවා’ කියලයි. දැන් පොලොන්නරුව තියෙන්නේ කොළඹ ද? මෙවැනි සරල බොරු පරඬැල් නම් මේ රටේ ජනතාවට පෙන්වලා වැඩක් නැහැ. ඒවා දැකලම එපා වෙලා. ‘කතා සාප්පු’ වෙනුවට අද ඕනේ වැඩ කරලා පෙන්නපු නායකයෙක්. අපට වුවමනා ‘පෙනෙනවාට වඩා දකින නායකයෙක්.’ රට ඉල්ලන්නේ ඉදිරි දශකය තුළ සමාජ – ආර්ථික – දේශපාලන හා සංස්කෘතික පෙරළියක් ඇති කළ හැකි නායකයෙක්. මේ රට පෝෂණය කරපු ධර්මය ඇසුරෙන් ගොඩනැගෙන දර්ශනයක් පෙරටු කොටගෙන ඒ මහා පෙරළිය කළ හැකි නායකයෙක්. උවමනා අපේක්ෂකත්වයට කුලල් කන නායකයෙක් නොවෙයි. කුලල් නොකා අපේක්ෂකත්වය ලබා ගෙන, කුලල් කමින් තිබෙන රට සමගි කරවිය හැකි නායකයෙක්.

තාත්තලා නොවුණු අයට නොතේරුණාට, මේ රටට උවමනා තාත්තෙක් වගේ මේ රටේ ජනතාව රැක බලාගත හැකි නායකයෙක්. දැන් බලන්න, ‘සජිත් වෙඩින්කාඞ් බෙදමින් යනකොට රනිල් මනමාලි උස්සන් යනවා’ වගේ වැඩක් නොවෙයිද සිදු වෙන්නේ ? අපේක්ෂක්ත්වය ඉල්ලමින් සජිත් රට වටේ යනවිට රනිල් කියනවා ’මම තමයි අපේක්ෂකයා’ කියලා. මෙවැනි කෝලම් මේ රටට උවමනා නැහැ. ඇක්සා ගිවිසුම අත්සන් කර තිබෙන නිසා ඕනෑම අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට මේ රටට කඩාවදින්න පුළුවන්. මෙවැනි අනාරක්ෂිත තැනකයි මේ රට අද තියෙන්නේ. මේ රට තවත් ලිබියාවක්, ඉරාකයක් බවට පත් කිරීම නතර කළ හැකි, ඒ අවදානම වටහා ගතහැකි නායකයකුයි රටම ඉල්ලන්නේ. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ. එවැනි නායකයකු බලයට ගෙන ඒමේ සටනයි අප ඉදිරියේ ඇත්තේ.

ඒ සටන නූතන ජාතික නිදහස් සටනයි. එය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ වගකීම අපගේ උර මතට ගනිමු. ඒ සටනේ මගමානවකයන් අපි වෙමු. ඒ අදිටනින් අප මේ මහා සමුළු බිමෙන් පිටව යමු. ඒ අදිටන ජයගැන්ම සඳහා ඔබට ධෛර්ය, ශක්තිය ලැබේවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘මම සිංහල බෞද්ධයෙක්’ කියමින් කිරුළපන අන්‍යාගමික සිද්ධස්ථානවලට බඩගාන නායකයෙක් එපා - විමල්
‘මම සිංහල බෞද්ධයෙක්’ කියමින් කිරුළපන අන්‍යාගමික සිද්ධස්ථානවලට බඩගාන නායකයෙක් එපා - විමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhP1H5iXLSLTLAQpl94tOkmqTu6-yoE3pQc_Xu0cWXKCoXfpxpHgJWdwJ0w42i74hWIHFMOeDD3tL3ihOkdU-e65RFGdqBdqMw0LXrPUxxgbjgZTndsu6Rmn7WNWkBef6Mpb2f5MFp7N3Sb/s320/wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhP1H5iXLSLTLAQpl94tOkmqTu6-yoE3pQc_Xu0cWXKCoXfpxpHgJWdwJ0w42i74hWIHFMOeDD3tL3ihOkdU-e65RFGdqBdqMw0LXrPUxxgbjgZTndsu6Rmn7WNWkBef6Mpb2f5MFp7N3Sb/s72-c/wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_588.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_588.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy