සි රිකොත අරමුදලට රුපියල් කෝටියක් ලබාදෙන ලෙසට බල කරමින් මත්පැන් බලපත්‍ර අසූහතරක් නිකුත් කර ඇත්ද යන්න සොයා බලන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක...
සිරිකොත අරමුදලට රුපියල් කෝටියක් ලබාදෙන ලෙසට බල කරමින් මත්පැන් බලපත්‍ර අසූහතරක් නිකුත් කර ඇත්ද යන්න සොයා බලන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර ඊයේ (17 වැනිදා) නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගෙන් ඉල්ලා සිටියේය.
මත්පැන් බලපත්‍ර අසූහතරක් පසුගිය දවස්වල ලබාදීලා. මතට එරෙහිව වැඩසටහන් කරගෙන යද්දී මෙහෙම බලපත්‍ර නිකුත් කිරීම අකටයුත්තක්. බලපත්‍ර ලබාදෙද්දී මුදල් එකතු කරනවා සිරිකොත අරමුදලට ලක්ෂ 100ක් දෙන්න කියලා. මේ බව සොයා බලන්න. පරීක්ෂණයක් කරන්නැ’යි මහින්ද අමරවීර කීවේය.
ඒ අවස්ථාවේදී නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙසේ කීය.
‘‘මම මීට කලිනුත් කිව්වා යහපාලනය බලයට පත්වූදා සිට එක් මන්ත්‍රීවරයකුවත් මත්පැන් බලපත්‍ර ඉල්ලාගෙන නෑ. මේ මැතිවරණය කාලේ පත්තරවල යන බේගල් අල්ලාගෙන මඩ ගහනවා. මේවාට පාර්ලිමේන්තුවේ ඉඩ නොදිය යුතුයි. ඊයේ (16 වැනිදා) පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ ප්‍රශ්නෙ මතු වුණා. මංගල සමරවීර ඇමැතිතුමා කිව්වා එහෙම දෙයක් නෑ කියලා.’’

COMMENTS