දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය තුනට කැඩේ.. ජනාධිපති අපේක්‍ෂකත්වයට පොරකති.. රෑට රෑට තැන් තැන්වල රහස් කුමන්ත‍්‍රණ
Homeප්‍රවෘත්ති

එජාපය තුනට කැඩේ.. ජනාධිපති අපේක්‍ෂකත්වයට පොරකති.. රෑට රෑට තැන් තැන්වල රහස් කුමන්ත‍්‍රණ

PropellerAds

මී ළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන සංවාදය කරළියට පැමිණීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කණ්ඩායම් තුනකට කැඩී රාත්‍රී කාලයට රහස් සාක...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගේ පැමිණීමට එරෙහිව යාපනයේ විරෝධතාවයක්!
පොලිස්පති ධුරයෙන් අස්වෙයි.. ජනපති පිලිගනී…
IMF ණය ලැබුනු පසු තවත් බිලියන 4.5ක් ණයට ගන්නවා.. එවිට ඩොලර් අර්බුදය අවසන්…
මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන සංවාදය කරළියට පැමිණීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කණ්ඩායම් තුනකට කැඩී රාත්‍රී කාලයට රහස් සාකච්ඡා ඇරඹීමෙන් පක්ෂ නායකත්වය හා ඔහුට හිතවත් කණ්ඩායම් දැඩි කැලඹීමකට පත්ව ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට පත් කළ යුතු බවට මුදල් ඇමැති මංගල සමරවීර සිදු කළ ප්‍රකාශයත් සමග විදුලි බල ඇමැති රවී කරුණානායක ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති විය යුත්තේ සාමාන්‍ය පෙළවත් සමත් වූ පුද්ගලයකු බව කරුණානායක මහතා සඳහන් කළේය.

මේ අතර මංගල සමරවීරගේ දශක තුනක දේශපාලන ගමන්මග අළලා රචනා කොට ඇති ග්‍රන්ථය එළි දක්වන (07වැනිදා) දිනයේ දී සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂක සටන ආරම්භ කරන බව මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඊටද උපනායක රවී කරුණානායක විරෝධය පළ කළේය.

ජූලි 07 වැනිදා පෙරළියක් වැනි කතා අනවශ්‍ය කතා බවත් එවන් දේවල් මාතරින් ආරම්භ නොකර මුළු රටින්ම සිදු කළ යුතු බවත් සඳහන් කළේය. චන්ද්‍රිකාගේ පිලෙන් පැමිණි අයකුට පක්ෂයේ එකුමුතු බව නැති කිරීමට ඉඩ නොදෙන බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන අය අතර මංගල සමරවීර, තලතා අතුකෝරාල, අජිත් පී. පෙරේරා, රංගේ බණ්ඩාර ආදී මැති ඇමැතිවරුන් සිටින බව වාර්තා වේ.
පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක යන අය සිටින බවද සඳහන්ය.

කෙසේ වෙතත් මෙතෙක් කලක් අගමැතිවරයා සමග එකට සිටි අමාත්‍ය මලික් සමරවික්‍රමගේ හැසිරීම සම්බන්ධයෙන් ද පක්ෂ නායකත්වයට ගැටලු පැන නැගී ඇති බව වාර්තා වේ.

මීට අමතරව රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග යන ඇමැතිවරුන්ගේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයේ අවධානය යොමුව තිබේ. පසුගිය සතියේ චම්පික රණවක ඇමැතිවරයා ආරම්භ කළ ව්‍යාපෘතියක ප්‍රචාරක කටයුතු ජනාධිපතිවරණයට පෙර ආරම්භ කළ එකක් බවටද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සැකය මතුව තිබේ.

මීට අමතරව ඊළඟ ජනාධිපතිවරණයේදී පුද්ගල ප්‍රධාන දේශපාලන පක්ෂයක් නොව කණ්ඩායමක් හා ප්‍රතිපත්ති දේශපාලනය ජයග්‍රහණය කළ යුතු බවට එම පක්ෂයේ තවත් කණ්ඩායමක මතය වී ඇත.

සුගන්ධි බස්නායක
– aruna.lk


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය තුනට කැඩේ.. ජනාධිපති අපේක්‍ෂකත්වයට පොරකති.. රෑට රෑට තැන් තැන්වල රහස් කුමන්ත‍්‍රණ
එජාපය තුනට කැඩේ.. ජනාධිපති අපේක්‍ෂකත්වයට පොරකති.. රෑට රෑට තැන් තැන්වල රහස් කුමන්ත‍්‍රණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcyjUmgmVeAGB1RBYY6UbGkY2BJE5C2a72xKhrmRq92f7R8ad1xBLCaj9j2NqD8k_R_UntJRFMXVAlBORlLVhLqyy5i_ZydDkF11HOuwJOEneclAwqsRh8X5Jzq61JjqIklsxhR0oUqyqs/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcyjUmgmVeAGB1RBYY6UbGkY2BJE5C2a72xKhrmRq92f7R8ad1xBLCaj9j2NqD8k_R_UntJRFMXVAlBORlLVhLqyy5i_ZydDkF11HOuwJOEneclAwqsRh8X5Jzq61JjqIklsxhR0oUqyqs/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy