ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ රාජපක්ෂ කෙනෙකු නම් ඒ ගෝඨාභය රාජපක්ෂ වියයුතු බව ඌව පළාත්සභාවේ හිටපු මහ ඇමකි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියය...
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ රාජපක්ෂ කෙනෙකු නම් ඒ ගෝඨාභය රාජපක්ෂ වියයුතු බව ඌව පළාත්සභාවේ හිටපු මහ ඇමකි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.
රාජපක්ෂලා 6ක් මේවන විට දේශපාලනය කරන බවත්, ඒ හැමෝම සමඟ සාකච්ඡා කර සිය නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා තීරණයක් ගත් බවත්, එහිදී ඉදිරි ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තීන්දු කළ බව ඒ මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට පවසා තිබේ. සිය පියාගේ නමත් පොලිමේ ඇති බව කියන ඔහු නම පොලිමේ තිබුණාට ඉදිරිපත් කරන්නේ ගෝඨාභය මහතා බවද කියා සිටී.
කැබිනට් ඇමතිලා 30න් 06ක් රාජපක්ෂලා?
ඌවේ හිටපු මහ ඇමති තමා නිසා එය කැබිනට් ඇමතිකමකට සුදුසුකමක් යැයි තමා පෞද්ගලිකව සිතන බවත්, මීළඟ ආණ්ඩුවේ තමාට ද කැබිනට් ඇමතිකමක් දිය යුතු බව ද ඒ මහතා සඳහන් කරයි. තමාට දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති බව කියන හෙතෙම මහින්ද රාජපක්ෂ මහතා 2002 දී අගමැතිවූ විට තමා ඔහුගේ පෞද්ගලික ලේකම් වූ බවත්, ඉන් පසුව වසර 9ක් ජනාධිපති මහින්දගේ පෞද්ගලික ලේකම්ව සිටි අතරම ඌවේ මහ ඇමතිවුණේ වැඩිම ඡන්ද ලබාගනිමින් බැවින් ද මොන්ටේගු ජයවික්‍රමගේ සිට මහ ඇමතිලාට කැබිනට් ඇමතිකම් හිමි නිසා තමාට කැබිනට් ඇමතිකමක් ලැබිය යුතු යැයි ශෂින්ද්‍ර මහතා පවසයි.
මේ අතර වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනපතිවරණයට අපේක්ෂකයකු ලෙස එක්වුවහොත් ඔහු ලබාගන්නේ ඡන්ද ලක්ෂ 4ක් පමණක් බවත් ඔහු කියා සිටී.

COMMENTS