මරණීය දණ්ඩණය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලු දෙනාම එක් චෝදනාවකින් න...
මරණීය දණ්ඩණය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලු දෙනාම එක් චෝදනාවකින් නිදොස් කොට නිදහස් කර ඇත.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වන චෝදනාව වු නීති විරෝධී T 56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබල දීම හා ක්‍රමන්ත්‍රණය යන චෝදනාවෙන් එලෙස ඔවුන් නිදොස් කොට නිදහස් කර ඇත.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර නිළධාරීන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එය සලකා බැලූ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර දුමින්ද සිල්වාට දැනුම් දෙන ලෙස නියම කර ඇත.
කෙසේ වෙතත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනා වලට වරදකරු කර මරණීය දණ්ඩණය නියම වූ හිටපු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සෙසු චෝදනා යටතේ තවදුරටත් බන්ධනාගාරගතව පසුවෙයි.
COMMENTS