ස්ථානයේ හිමිකම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව බුදුමැදුරකට හානිකර ඇති පුවතක් වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. කිසියම් පිරි...
කිසියම් පිරිසක් මෙලෙස හානි සිදුකර ඇත්තේ ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම රෙස්ට් හවුස් හන්දිය අසළ පිහිටි බුදුමැදුරටයි.
ඊයේ රාත්‍රියේ මෙලෙස බුදුමැදුරට සහ එහි තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේට හානිකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මෙම ස්ථානය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අතර කලක සිට පවතින ආරවුලක් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙම බුදුමැදුර වසර 100කට වඩා පැරණි බුදු මැදුරක් බවයි ප්‍රදේශවාසීන් අපට ප්‍රකාශ කළේ.
වැලිගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

COMMENTS