දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් !
Homeප්‍රවෘත්ති

ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් !

PropellerAds

ජ නාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති බව නීතීඥ සංවිධාන එකමුතුව...

බෝම්බ බියකින් කුරුණෑගල නගරය ජනයාගෙන් හිස් වෙයි.. නගර ගණනාවක දැඩි සෝදිසි මෙහෙයුම්
කොළඹ නගරයේ කාර්යාල වසා දමා සේවකයින්ට කාර්යාල ඇතුළට වී සිටින ලෙස පැතිර යන රාවයක් නිසා කලබලකාරී තත්ත්වයක්
"මේ මුස්ලිම් ත්‍රස්තයෝ ශ්‍රී ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ, ඒ නිසා ලංකාවේ දේශපාලකයන්ගෙන් යුක්තිය ඉටු නොවේවි" - ලොව ප්‍රකට හැකර්වරුන්ගෙන් පණිවිඩයක් !
නාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති බව නීතීඥ සංවිධාන එකමුතුව සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එහි සභාපති නීතීඥ මනෝජ් ගමගේ විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් …

ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කල පෞද්ගලික Facebook ගිණුම් හා පිටුවලට මෙන්ම Youtube මුල්කරගත් ප්‍රවෘත්ති හා කාලීන නාලිකා සදහා පසුගිය සති කිහිපය පුරාවට අසාමාන්‍ය ආකාරයේ විවිධ බාධාවන් හා අක්‍රිය වීම් සිදු වී ඇති බවට අප සංගමය වෙත විවිධ පාර්ශවයන් පැමිණිලි රාශියක් කර ඇත.

මේ පිළිබදව සොයා බැලීමේදී අපහට අනාවරණය වූයේ එලෙස සයිබර් ප්‍රහාරයන්ට ලක් වූ හා Facebookසමාජ මාධ්‍ය ජාලයෙන් මකා දැමුණු ගිණුම් හා පිටු බොහෝමයක් ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කල ඒවා බවයි.

විශේෂයෙන්ම සයිබර් ප්‍රහාරයන් වැළැක්වීම සදහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක්ම මේ වන විට දේශපාලන අතකොළුවක් බවට පත් වී වෛරී ප්‍රකාශ වලට මුවා වී Facebook ආයතනයට ලබාදෙන සාවද්‍ය තොරතුරු හේතුවෙන් හා Facebook ආයතනයට අනුයුක්තව භාෂා පරිවර්තනය සදහා පත්කර ඇති පක්ෂග්‍රාහී පුද්ගලයන්ගේ වැරදි අර්ථකතන මත මේ තත්වයට මුහුණ දීමට මෙරට Facebook පරිශීලකයන්ට සිදු වී ඇති බවට අප වෙත තවදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

මේ තත්වය මත මිලියන ගණනක පරිශිලකයන් සිටින Facebook සමාජ ජාල වෙබ් අඩවිය හා Youtube නාලිකාව ඉදිරි මැතිවරණයකට ආණ්ඩු පක්ෂයට වාසි දායක ලෙස හසුරුවා ගැනීමේ දැඩි අවධානමක් මේ සමග මතු වී ඇත.

2015 දී එවකට පැවැති ආණ්ඩුව පෙරළා දැමීමට සාවද්‍ය පුවත් හා මඩ ප්‍රචාර සදහා Facebook සමාජ ජාල වෙබ් අඩවිය හා Youtube නාලිකාව ප්‍රයෝජනයට ගෙන තරුණ තරුණියන්ට Free-Wifiහා Google බැලූන් ලබාදෙන බවට පොරොන්දු ලබාදුන් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින්ම මෙලෙස එම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති නිදහස විනාශ කිරීමට කටයුතු කිරීම අප සංගමය පිළිකුලෙන් හෙළා දකිනු කැමැත්තෙමු.

එමෙන්ම මෙරටේ මහජන මතය විකෘති කර ආණ්ඩුවට වාසිදායක වටපිටාවක් නිර්මාණය කර විරුද්ධවාදී මතවාද යටපත් කිරීම සදහා Facebook සමාජ මාධ්‍ය මෙලෙස ආණ්ඩුව විසින් අපයෝජනයට ලක් කිරීම පිළිබදව Facebook බළධාරීන්ගේ විශේෂ අවධානය නිල වශයෙන් යොමු කිරීමට විපක්ෂය නියෝජනය කරන සියලු දෙනා වහා පියවර ගත යුතුව ඇත..

මෙයට,
විශ්වාසී,

නීතීඥ ආර් මනෝජ් ගමගේ
සභාපති
නීතීඥ සංවිධාන එකමුතුව


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් !
ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizpKZWFNjpaBTIXmyh7T7J2CbojFjKjB0NbvHJ6KkZmysQBQ6qQ__6LBBWfGTuNORZcZ_Mg3wLEepPCZ0q9e3i7BKDwlWMm_uPKrK_MBbk5-cNbmF9ogpLolIDUbxhnRwTdZLzyg2bvxY-/s320/fb-you.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizpKZWFNjpaBTIXmyh7T7J2CbojFjKjB0NbvHJ6KkZmysQBQ6qQ__6LBBWfGTuNORZcZ_Mg3wLEepPCZ0q9e3i7BKDwlWMm_uPKrK_MBbk5-cNbmF9ogpLolIDUbxhnRwTdZLzyg2bvxY-/s72-c/fb-you.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/facebook-youtube.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/facebook-youtube.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy