වි දුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රතික්ෂේප කර ඇත. මෙම කැබිනට...
විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රතික්ෂේප කර ඇත.
මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී තිබුණේ විදුලි බල නිෂ්පාදන බලාගාර සහිත නෞකාවක් කොළඹ වරාය නතර කිරීමට අවශ්‍ය අවසරය ඉල්ලමිනි.
මෙහිදී වරාය හා නාවුක ඇමති සාගල රත්නායක මහතා සඳහන් කර ඇත්තේ තමන්ගේ අනුදැනුමකින් තොරව කිසිම නෞකාවක් කොළඹ වරාය පර්යන්තයේ නතර කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.
එනිසා එම කැබිනට් පත‍්‍රිකාව සම්මත කිරීමට තමන් විරුද්ධ බවද රත්නායක මහතා පවසා ඇත.
මේ අනුව තවදුරටත් කරුණු සොයා බලා සාකච්ඡාකොට කැබිනට් පත්‍රිකාව ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී ඊයේ දිනයේදී එය ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

COMMENTS