කොරියාවේ ධීවර හා සාගර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමුළුවකට සහභාගි වීමට ගුවන් යානයකින් යමින් සිටි ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වර...
කොරියාවේ ධීවර හා සාගර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමුළුවකට සහභාගි වීමට ගුවන් යානයකින් යමින් සිටි ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු එම ගුවන් යානය තුළදී බීමතින් අශෝභන ආකාරයෙන් හැසිරීම නිසා මැලේසියාව ක්වාලාලාම්පූර්හිදී එරට බලධාරීන් විසින් එම පුද්ගලයා රඳවා තබාගෙන ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එම අතිරේක ලේකම්වරයා සමග අදාළ සමුළුවට සහභාගි වීමට පැමිණි අනෙක් ඉංජිනේරුවරයා පමණක් ඊළ`ග ගුවන් යානයෙන් කොරියාව බලා ගොස් තිබේ. මෙම සමුළුව 23 වැනිදා සිට ලබන 30 වැනිදා දක්වා රටවල් ගණනාවක සහභාගිත්වයෙන් කොරියාවේදී පැවැත්වේ. ගුවන් යානයේ ගමන් ගත් මගීන්ද අපහසුතාවට පත්වන අයුරින් ධීවර අමාත්‍යාංශයේ මේ අතිරේක ලේකම්වරයා හැසිරී ඇති බවත්, මොහු ඒ වන විට අධික ලෙස බීමත්ව සිට ඇති බවත් පැවසේ.
මෙම බීමත් අතිරේක ලේකම්වරයා සම්බන්ධයෙන් දැනටමත් මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට හා ධීවර අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ. මෙම අතිරේක ලේකම්වරයා සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය මේ වන විට පරීක්‍ෂණයක් අරඹා තිබේ. රුපියල් ලක්‍ෂ ගණන් වැයකර සමුළු සඳහා යොමුකළ මෙවැනි නිලධාරියකු බීමතින් හැසිරෙමින් ශ‍්‍රී ලංකාවට කළ අපකීර්තිය ගැන ධීවර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු දැඩි අප‍්‍රසාදය පළකර සිටිති.
අරුණ බෝගහවත්ත
– divaina

COMMENTS