ස හරාන් නැමති රට මළගෙයක් කල මරාගෙන මැරෙන බෝම්බකරුවා වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යපාරයට සහාය දැක්වු බවට හිටපු නැගෙනහිර පලාත් ආණ්ඩුකාර හ...
සහරාන් නැමති රට මළගෙයක් කල මරාගෙන මැරෙන බෝම්බකරුවා වත්මන් ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යපාරයට සහාය දැක්වු බවට හිටපු නැගෙනහිර පලාත් ආණ්ඩුකාර හිස්බුල්ලා විශේෂ තේරීම් කාරක සභාව හමුවේ කල සාක්ෂි දීම ගැන ජනාධිපතිවරයා රටේ ජනතාවට සත්‍ය හෙළිකල යුතු බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරථන හිමිපාණෝ පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසුහ.
උන්වහන්සේ මෙසේද පැවසීය.
මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ඒමට නම් නායකයන් සමගි වී වැඩකල යුතුයි. දෙපැත්තට අදින ගැලක තත්වයට රට වැටී ඉවරයි. නායකයන් අසමගිය වපුරවමින් රටේ ජනතාවට සංහිදියාවේ පාඩම කියා දීම බොරු වැඩක්.
රටේ ජනතාව ඉල්ලන්නෙ මැතිවරණයක්. මේ රජය මැතිවරණ වලට බයයි.පලාත්සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. පැරණි ක්‍රමේට මැතිවරණය පැවැත්විය යුතුයි කියා ජනසෙත පෙරමුණ මැතිවරණ කොමසාරිස් තුමාගෙන් ඉ ල්ලා සිටියා. අද වන විට මේ රටේ සෑම ආයතනයකම නීති කණ පිට හරවලා තියෙන්නේ.
සහරාන් ඇසුරු කල මවුලවීලා ඇතුළු කීදෙනෙක් ප්‍රකාශ ලබා ගැනීමට අත් අඩංගුවට ගත්තද? ඒත් රටේ ජනාධිපතිවරයා ද සහරාන් ඇසුරු කර ඇති බව තේරීම් කාරක සභාවේදී හෙළිදරවු වීම අවමන් සහගතයි.
මේ විදියටම ලගදීම මාකදුරේ මධූෂ් ගේ මත්කුඩු මුදල් වලින් තමන්ගේ මැතිවරණයට මුදල් ආධාර ගත්ත මැති ඇමතිවරුන් ගැනත් හෙළිදරවු වන බව අපිට විශ්වාසයි.
මොකද මේ බල පොරයේදී අසරණ ඡන්දදායකයා රවටා ගන්න මේ අය නොමසුරුව වියදම් කරන්නේ මේ මුදල් තමයි.
කුසුම් එස් හැන්නදි

COMMENTS