ක බිර් හෂිම් අමාත්‍යවරයා ඇතුලූ මුස්ලිම් ඇමැතිවරුන්ට නැවත එම තනතුරු භාරගෙන ජනතා සේවයට කැප වන්නටයි භික්ෂුන් වහන්සේලා හා සිවිල් සංවිධාන පුරවැස...
කබිර් හෂිම් අමාත්‍යවරයා ඇතුලූ මුස්ලිම් ඇමැතිවරුන්ට නැවත එම තනතුරු භාරගෙන ජනතා සේවයට කැප වන්නටයි භික්ෂුන් වහන්සේලා හා සිවිල් සංවිධාන පුරවැසියන් කිහිප දෙනෙකු සහභාගි කරවාගෙන පසුගිය 10 වැනිදා පස්වරුවේ පැවැති මාධ්‍ය සාකජ්ජාව පැවැත්වෙන අතරවාරයේදි එහි පැමිණ විරෝධතාවය පල කරන ලද තරුණ භික්ෂුන් වහන්සේලා විසින් ඊයේ (11 වැනි) දින පස්වරුවේ සබරගමු පළාත් ත්‍රෛියිනිකායික මහා නායක හිමිවරුන් සහ සෙසු මහා සංඝරත්නය සහභාගි කරවා ගෙන මාධ්‍ය සාකච්ජාවක් පැවැත්විය.
මෙම මාධ්‍ය සාකජ්ජාව පවත්වන ලද්දේ ඓතිහාසික දෙවනගල රජමහ විහාරයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල තුළයි. එම මාධ්‍ය සාකච්ජාව පැවැත්විමට හේතු වුයේ ඊට පෙර දිනය වු ජුනි මස 10 වැනිදා භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවයි.
දෙවනග පුද බිමේ පැවැති මාධ්‍ය සාකජ්ජාව වෙනුවෙන් සහභාගි වු මහා නායක හිමිවරුන් වන සබරගමු පළාතේ උප ප‍්‍රධාන සංඝ නායක කූරගල ගල්ලෙන් රජමහා විහාරයේ විහාරාධිපති වාරාපියේ පාලිත හිමියන් , මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය ගල්බඩ කිණිගොඩ දෙකෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක අංවාරම ශ‍්‍රි මහා බෝධි පිරිවෙන් විහාරය ඇතුලූ විහාර කිහිපයක විහාරාධිපති ලෙස කටයුතු කරන හපුවල ගුණරතන හිමියන්, මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරයේ විහාරාධිපති මැදිලියේ ගුණරතන හිමියන් ඇතුලූ හිමිවරුන් පවසන්නේ කබිර් හෂිම් අමාත්‍යවරයා වෙනුවෙන් පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකජ්ජාව වෙනුවෙන් සහභාගි වුයේ ජනතාවගෙන් ප‍්‍රතික්ෂප වු අන්තවාදය උඩගෙඩි දෙන අදාල ප‍්‍රවෘත්ති සාකච්ජාවට පමණක් මාවනැල්ල සිව් කෝරළ එක්සත් බෞද්ධ සහන සේවා පදනම යනුවෙන් සංවිධානයක් අටවා ගත් තුන් නිකායම නියෝජනය නොවන හිමිවරුන් කොට්ඨාංශයක් විසින් වන බවයි. අමාත්‍යවරයාගේ ලාභ ප‍්‍රයෝජන වරප‍්‍රසාද ලබා ගන්නා මෙම භික්ෂුන් වහන්සේලාගෙන් බෝහෝමයක් අමාත්‍යවරයාගේ ලේකම් හිමිවරුන් වන බවද මෙම මාධ්‍ය සාකජ්ජාවේදි අදහස් දක්වමින් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වන ලද මල්වතු මහා විහාරයේ කර්මාචාර්ය ගල්බඩ කිණිගොඩ දෙකෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක අංවාරම ශ‍්‍රි මහා බෝධි පිරිවෙන් විහාරය ඇතුලූ විහාර කිහිපයක විහාරාධිපති ලෙස කටයුතු කරන හපුවල ගුණරතන හිමියන් මෙසේ පැවසීය.
මෙතන හිටපු හාමුදුරුවරුන්ගෙන් මම දැක්කේ රාමඤ්ඤ මහා නිකායේ එක හාමුදුරුනමක් වැඩ සිටියා අනිත් හාමුදුරුවන් වහන්සේලා ගැන මම කියන්න ඔනෑ නැහැ. මාධ්‍යයට ඒ අය ගැන කියන්න ලැජ්ජයි හරියට ඒ අය අවලංගු වුනු කාසි වාගෙයි. ඒ අයට සමහර දායකයන් නම් පවා හදලා තියෙන්නේ. ඒ නම් මම මෙතන ප‍්‍රකාශ කරන්නේ නැහැ.
කබිර් හෂිම් අමාත්‍යවරයා මෙ භික්ෂුන්වහන්සේලා ලේකම්වරුන්ටයි උපදේශක තනතුරු වලටයි පත් කර ගෙන ඉන්නවා. මෙම ප‍්‍රවෘත්ති සාකජ්ජාව සම්බන්ධයෙන් පළාතේ සියට 90 ක් හාමුදුරුවරුන් දන්නේ නැහැ ටිවි එකේ ගියාට පස්සේ තමයි දන්නේ. එම සාකජ්ජාව පැවැත්වෙන අතරවාරයේ දැහැමි බෞද්ධ කෙනෙක් හිටියා නම් මහ ගැටුමක් ඇති විමටත් ඉඩ කඩක් තිබුණා මේ සිදු කරන ප‍්‍රකාශ එක්ක. ඒ වාගේම අපේ මුලස්ථාන වල මහා නායක හාමුදුරුවරුන්, අනුනායක හාමුදුරුවරුන්, කාරක සංඝ සභාව දැනුවත් නොවිච්ච දෙයක් තියෙනවා නම් ප‍්‍රාදේශිය මට්ටමින් නායක හාමුදුරුවරුන්ට උපදෙස් දෙනවා මේ වාගේ දෙයක් රටට වෙන්න යනවා අපේ දහමට වෙන්න යනවා අපේ හාමුදුරුවරුන්ට වෙන්න යනවා. පන්සල් වලට බෞද්ධ ස්ථාන වලට වෙන්න යනවා මොකද්ද අපි මෙකට ගන්න පියවර කියලා මහා විහාරය මගින් දැනුවත් කරනවා. ඊට පස්සේ පළාත් නායක හාමුදුරුවරු සෙසු මහා සංඝරත්නය දැනුවත් කරනවා.
නමුත් නායක හාමුදුරුවරුන් කරන ලද ප‍්‍රකාශ වලින් පසු ප‍්‍රාදේශිය මට්ටමේ ප‍්‍රකාශ නිකුත් කිරිම ගැලපෙන්නේ නැහැ. මේ ඇමැතිකම් භාර ගන්න කියලා අපේ මල්වතු අස්ගිරි නායක හිමිවරුන්ගේ සමූහික කමිටුවකින් කියලා තිබියදි ප‍්‍රාදේශිය මහා සංඝරත්නය කියලා දායකන්ගෙන් ප‍්‍රතික්ෂයප වු හිමිවරුන්ගේ සංඝ අංඥා සිදු කිරිමය යෑම වරදක් හැටියටයි අපි දකින්නේ ඒ නිසා මේ අය මෙතනින් පන්නා දමපු හිමිවරුන්ට ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතුයි.
සබරගමු පළාතේ උප ප‍්‍රධාන සංඝ නායක කූරගල ගල්ලෙන් රජමහා විහාරයේ විහාරාධිපති වාරාපියේ පාලිත හිමියන්.
ආදාල වැරදි කරපු ඇමැතිවරු ඉල්ලා අස් වුනාට කමක් නැහැ අපි කවුරුත් ඉදිරිපත් කලේ නැහැ අහවලා වැරදියි කියලා. ඉතින් එහෙම අය අස්විම සම්බන්ධයෙන් එක මතිකව පොදු තීරණයක් අරන් ඉවත් විම පිළිබඳවත් අපිට ගැටලූවක් වේලා තිබෙනවා.
සිව් කෝරළ එක්සත් බෞද්ධ සහන සේවා පදනම යනුවෙන් සංවිධානයක් හදා ගෙන ඉල්ලීමක් කලා කබිර් හෂිම් ඇමැතිවරයාට හා චෝදනා එල්ල වි නැති අයට ඇමැතිකම් ගන්න කියලා. මේ අවස්ථාවය ත්‍රෛයිනිකායික වශයෙන් සහභාගි වුනාද කියාල අපිට ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ වාගේම අමරපුර නිකායේ එක හාමුදුරුනමක්වත් දැක්කේ නැහැ ටිවි එකේ ප‍්‍රවෘත්ති වලට පෙන්වනකොට ඔය හාමුදුරුවරුන් කිහිප දෙනෙක් විතරයි හිටියේ.
මෙහෙම අඥාවක් නිකුත් කරන්න තරම් උන් වහන්සේලාට සහන සේවා පදනමක් තියෙනවා ද කියන එකත් මම දන්නේ දැන්. මේ හාමුදුරු කණ්ඩායමේ සහන කොහොම තිබුණත් ආදාල වැරදි කරපු අයට දඩුවම් කවුරු කලත් ලබා දිය යුතුයි. නිවැරදිනම් ඒ ඇමැතිවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් අස්විය යුතු නැහැ.
මාවනැල්ල ගනේතැන්න විහාරස්ථානයේ ආචාර්ය රුවන්පුර බුද්ධසිරි හිමි. ( රාමඤ්ඤ මහා නිකාය )
අපේ පළාතේ නායක හිමිවරුන් කිසි කෙනෙකුට කබිර් හෂිම් හොඳයි කියන මාධ්‍ය සාකජ්ජාවට එන්න කියලා ආරාධනා කරලා තිබුණේ නැහැ. මෙ සාකච්ජාවට හිටපු හාමුදුරුවරු කවුද කියලා අපි පැහැදිලිව දන්නවා කබිර් ඇමැතිතුමාගේ ලේකම් කම් දරන ඒ සමීපයේ වැඩ කරන ස්වාමින් වහන්සේලා කියලා. නමුත් මිට කලින් මාවනැල්ලේ විවිධ සිදු විම් වුනා මේ හාමුදුරුවරුන් ඔය කියන සහන පදනම හරහා කිසිදු මාධ්‍ය සාකජ්ජාවක් කලේ නැහැ. මෙ මාධ්‍ය සාකජ්ජාව කරලා කබිර් හොඳයි කියලා කියන්න තමයි ඔනෑ වුනේ. අපේ කිසිම නායක හිමිවරයාණන් කෙනෙක් මේ පිළිබඳ දැනුවත් නැහැ. මේ හාමුදුරුවරු සද්ධ නැතිව හිටියානම් කමක් නැහැ නමුත් මේ අයත් මට හිතෙනවා නැවත මේ රටේ ජාතිවාදි ප‍්‍රශ්න ඇති කරන්නට බෞද්ධ ධර්මයට පවා නිවට වෙන්නට දෝහි වෙන්න යනවාද කියලා. මාවනැල්ලේ මේ විදිහට දේශපාලන වාසි වෙනුවෙන් හාමුදුරුවරු බෙදිම් ඇති කර ගත්තොත් අපිට තව ටික කාලයක් යද්දි පාරක තොටකවත් යන්න ලැබෙන්නේ නැහැ.
මාවනැල්ල කේ.වි. බණ්ඩාර

COMMENTS