මේ වනවිට රෝහල් ගත කර සිටින පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදියා සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා බැලීමට රෝහලට ගිය පාර්ලිමේන්තු මන්ත...
මේ වනවිට රෝහල් ගත කර සිටින පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදියා සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා බැලීමට රෝහලට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳ නෙත් ගොසිප් මින්පෙර වාර්තා කළා. මෙරට ජනතාව ඉතා පිළිකුලෙන් හෙළා දුටු එම ක්‍රියාව සිදු කළේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මන්සූර් විසිනි.
පසුගිය 30දා මන්ත්‍රීවරයා සිය ආරක්ෂක භටයන්ද සමග අම්පාර රෝහළට ගොස් ත්‍රස්තවාදී සහරාන් හෂීම්ගේ පවුලේ සාමාජිකයන් බැලීමට උත්සාහ කර ඇත. එහිදී මොහොමඩ් මන්සූර් මන්ත්‍රීවරයාට ත්‍රස්ත නායකයාගේ පවුලේ සාමාජිකයන් බැලීමට ඉඩ නොදුන් අම්පාර රෝහළේ වෛද්‍ය අධිකාරීවරයාට මාරු වීමක් පවා ලබා දී තිබෙන බවට විරෝධතාවයක් එල්ල වී තිබේ.
තවුහීද් ජමාද් ත්‍රස්ත කණ්ඩායමේ නායකයාගේ පවුලේ උදවිය සමග පවා අතිශය සමීප මෙම මන්ත්‍රීවරයාගේ රියදුරා ඊයේ දින (01) යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අවි ආයුද තොගයක් සමගිනි.
මන්ත්‍රීවරයාගේ රියදුරා සතුව තිබී රිවෝල්වර දෙකක්, ටී 56 මැගසීනයක් සහ ජීව උණ්ඩ විශාල තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයාගේ රියදුරු වන එම්. රසීන් නැමැත්තාගේ නිවසට යාබද නිවස පරීක්ෂා කිරීමේදි එහි තිබී ඩෙටනේටර් 200ක් සහ ජෙල්ග්නයිට් කූරූ 200ක් ද යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS