ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කල බුද්ධික හේවාවසම් මහතා පසුගිය අප්‍රේල් මස 30 දා සිට එම පාසලෙන්...
ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කල බුද්ධික හේවාවසම් මහතා පසුගිය අප්‍රේල් මස 30 දා සිට එම පාසලෙන් හදිසියේ ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ. මේ සිද්ධියට වූ හේතුව ආරම්භව ඇත්තේ 2018 දෙසැම්බර් 21දා ජෝන් අමරතුංග අමාත්‍යවරයා ආණ්ඩු පෙරළියෙන් පසු නැවත සංචාරක අමාත්‍යධූරය භාර ගැනීමෙන් අනතුරුව පැවති උත්සවයට තේ පමණක් ලබාදී කිරිබත් ලබා නොදීම යයි වාර්තා වෙයි.
කෑමට කිරිබත් ලබා නොදීම නිසා තමා උත්සවයට පැමිණි පාක්ෂිකයින් ඉදිරියේ දැඩි අපහසුතාවයට පත්වූ බව කියමින් අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර ඉන් කලකිරීමට පත්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුව ඉල්ලා අස්වී ඇත්තේ අමාත්‍යවරයා සමග තවදුරටත් කටයුතු කල නොහැකි බව කියමිනි.
එහි වෘත්තීය සමිති සමගද අධ්‍යක්ෂ ජනරාල්වරයා වචන හුවමාරු කිරීම් සිදුකොට ඇත.
මෑතකදී ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයට නව සභාපති ලෙස දුලිප් ද සිල්වා නැමැත්තා පත්කොට ඇති අතර ඔහු ජෝන් අමාත්‍යවරයාගේ සමීපතමයකු වන මොහාන්ද සිල්වාගේ සහෝදරයෙකි.
හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාලය තුල ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය ශ්‍රීලංකාවේ හොඳම හෝටල් පාසල ලෙස 2018 සංචාරක සම්මාන උළෙලේදී ඇගයුමටද පාත්‍රවිය.
කලින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කටයුතු කල බුද්ධික හේවාවසම් නැවත ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඉහළ පුටුවකට ගොස් බවද වාර්තා වේ.
– Cjkr

COMMENTS