දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලුත් සයිබර් පනත ආවොත් සමාජ මාධ්‍ය පුද්ගලිකත්වය කපෝතියි !
Homeප්‍රවෘත්ති

අලුත් සයිබර් පනත ආවොත් සමාජ මාධ්‍ය පුද්ගලිකත්වය කපෝතියි !

PropellerAds

සයිබර් ආරක්ෂණය ලෙස හුවා දක්වමින් අලුතින් ගෙනඒමට සූදානම්වන පනත මගින් සමාජ මාධ්‍ය පාලනයට අවස්ථාව උදාවෙන බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පෙන්වා ද...

නිදහස වෙනුවෙන් රජයෙන් ඉල්ලීමක්
'මේ මිනිස්සු දහ දෙනාම ඇමතිවරු වුනේ කොහොමද' ඇමතිවරයෙක් ප්‍රශ්න කරලා
මාස හතරක් තුළ එකම අධිවේගී මාර්ගයේ දෙවරක් වැඩ අරඹයි (PHOTOS)
සයිබර් ආරක්ෂණය ලෙස හුවා දක්වමින් අලුතින් ගෙනඒමට සූදානම්වන පනත මගින් සමාජ මාධ්‍ය පාලනයට අවස්ථාව උදාවෙන බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පෙන්වා දෙයි.

එම සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් ගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යවරයාගේ මූලිකවයෙන් ඉදිරිපත් කර ඇති නව පනත මගින් සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට යෝජනා කර තිබීම අති බරපතල තත්ත්වයක් බවද එම සමූහය සඳහන් කරයි.

එසේ පිහිටුවන ආයතනයේ අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානීන් පත්කරනු ලබන්නේ දේශපාලන පත් කිරීම් ලෙස බවත්, මෙම සයිබර් ආරක්ෂණ ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල හිමිවන බවත් එහි දැක්වේ.

ඒ අනුව සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන අතර එම දත්ත රජයට, ආරක්ෂක අංශ වලට හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් ලැබෙනු ඇතැයි ද කියා සිටී.

දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි අතර දේශපාලන කටයුතු සදහා ඉදිරියේදී මෙම දත්ත යොදාගතහැකි බවට සැක සංකා විද්වතුන් සමාජය අතර මේ වන විටද පැනනැගී ඇති බව පැවසේ.

පසුගිය සති කිහිපයේ කිහිපවතාවක්ම සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට රජය කටයුතු කිරීමත් සමගම මෙවැනි පනතක් සම්මත කරගැනීමට කඩිමුඩියේ පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කිරීම සමාජය තුල දැඩි අර්බුධයක් නිර්මාණය කිරීමට අතවනන්නක් ලෙස එම සමූහය සිය නිවේදනයෙන් අනතුරු ඇඟවීමක්ද සිදු කර තිබේ.

සමාජ මාධ්‍ය කිහිප වතාවක්ම අවහිර කිරීම මගින් රජය අපේක්ෂා කරන ලද දේ සිදුනොවූ අතර එම ක්‍රමවේදය අසාර්ථක බැවින් මෙලෙස සමාජ මාධ්‍ය වල පාලනය තමන් නතුකොට ගැනීමේ තැතක් දැයි සාමාන්‍ය ජනයා සැකයක්ද මේ සමඟම ජනිතවන බවද ඔවුන් පෙන්වා දෙති.

පනතින් මානව අයිතීන් උල්ලංඝනය වෙනවා?

තවද යම් කණ්ඩායමකට හෝ ආයතනයකට හිතුමතේ පරීක්ෂණ පැවැත්වීමටත් ජනතාවගේ අන්තර්ජාල ගිණුම් වලට හා දත්ත වලට පිවිසීමට බලය ලබාදීම ඉතා අනතුරුදායක වන අතර මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සදහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබදවද ගැටලුවක් මතු වනු ඇතටද ඔවුන් සැක මතුකර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ සිමා මායිම් නොදක්වමින් මෙවැනි පනත් කෙටුම්පත් නිර්මාණය සිදුකිරීම කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී දැයි යන ගැටලුව මුලිකවම පැනනගින අතර මෙය සයිබර් ආරක්ෂණය සදහා වූ පනතකට වඩා යටි අදහස් ගණනාවක් ඉදිරිපත්වන ගුණ්ඩුවක් යනුවෙන් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දක්වා සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත් සයිබර් පනත ආවොත් සමාජ මාධ්‍ය පුද්ගලිකත්වය කපෝතියි !
අලුත් සයිබර් පනත ආවොත් සමාජ මාධ්‍ය පුද්ගලිකත්වය කපෝතියි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihAfY51F9GzXO3L3AkYwCR-B0M4sJjppVaj4SaHVR_lYGSMD62RV1NDOjBc_B4j0I_lzGqcpWTlcu7CfpsDZvVXlJRnF3S8aAPWVOZcO68MLh5ss7FZTFEPFYJnGGx09ligFlPhUHf-F_4/s320/cyber.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihAfY51F9GzXO3L3AkYwCR-B0M4sJjppVaj4SaHVR_lYGSMD62RV1NDOjBc_B4j0I_lzGqcpWTlcu7CfpsDZvVXlJRnF3S8aAPWVOZcO68MLh5ss7FZTFEPFYJnGGx09ligFlPhUHf-F_4/s72-c/cyber.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_385.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_385.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy