අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රංගන ශිල්පී රයන් වැ...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී තිබෙනවා.
ඒ ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලවයි.
ගුවන් තොටුපලේ දී පිටව යන අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රයන් රෝයන් මහතා මෙලෙස අදස් දක්වා සිටියා.
මාකඳුරේ මදූෂ් සමග සිටියදී අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු ඊයේ (04) දිවයිනට පැමිණියේය.
එහිදී රයන් වැන් රෝයන් ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත්අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීම් සඳහා නවතා ගෙන තිබේ.
ඉන් අනතුරුව අද(05) අළුයම 03ට රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසිය වෙත භාරදී තිබේ.
COMMENTS